අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ක්‍රමයේ පළමු වටය යටතේ අයදුම් කළ ප්‍රතිලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ විශේෂ සංගණන වැඩපිළිවෙළක් අද (03) සිට ආරම්භ කර තිබේ.
මෙම තොරතුරු යාවත්කාලීන කිරීමේ වැඩසටහන අද සිට මාර්තු 28 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නම් කරන ලද සංගණන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙතම පැමිණ මෙම තොරතුරු රැස්කිරීම සිදු කරනු ඇත.
ප්‍රතිලාභ අපේක්ෂාවෙන් තොරතුරු ලබා දී ඇති ලක්ෂ 29ක ජනතාවගේ වත්මන් දත්ත නිවැරදිව යාවත්කාලීන කිරීම මෙහි අරමුණ බව සමාජ සුබසාධක මණ්ඩලයේ සභාපති නිමල් කොටුවලගෙදර මහතා පවසයි.
තම නිවසට පැමිණෙන නිලධාරීන්ට නිවැරදි තොරතුරු ලබා දී මෙම ක්‍රියාවලියට සහය දක්වන ලෙස සමාජ සුබසාධක මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.














