ලෝකයම බුදුදහම සොයන අවස්ථාවක ඒ පිළිබඳ මගපෙන්වීමට අපේ නායක හිමිවරුන් ඉටු කරන කාර්යභාරය සුවිශේෂ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 08 වනදා ර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය යන ගෞරව විධාන සම්මුතිය සහිතව කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ විද්‍යාලංකාර පරිවෙණාධිපති සහ අධ්‍යක්ෂක වැලමිටියාවේ ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “නායක හිමියන්ට මෙවන් ගෞරව පදවියක් ලැබීම අපේ ශාසනික ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක්. ඔබවහන්සේ ඉටුකරන කාර්යභාරය සඳහා අවශ්‍ය කරන සෑම සහයෝගයක්ම ලබා දීමට පියවර ගන්නවා. විද්‍යාලංකාර පිරිවෙනටත් ඒ වාගේම ඔබ වහන්සේගේ අභියෝගාත්මක කාර්යභාරයන්. තවදුරටත් ශාසනයේ දියුණුව උදෙසා සිදු කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලෝකයම බුදුදහම සොයන අවස්ථාවක ඒ පිළිබඳ මගපෙන්වීමට අපේ නායක හිමිවරුන් ඉටු කරන කාර්යභාරය සුවිශේෂයි. අපේ ගොවි ජනතාව මෙවර මහ කන්නයේ අස්වැන්න ඉතාම සාර්ථක කරගෙන තිබෙනවා. ඉදිරි වසර කිහිපය කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි කැප විය යුතුව තිබෙනවා යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන ද එක් විය.