• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වර්තමානයේ රටේ ඇත්තේ අමානුෂීයවාදී තිරිසන් පාලනයක් – විපක්ෂනායක සජිත්

15 April 2024
in දේශීය, පුවත්
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමානයේ රටේ ඇත්තේ ජනතාවාදී පාලනයක් නොව අමානුෂීයවාදී තිරිසන් පාලනයක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 156 වැනි අදියර යටතේ හම්බන්තොට සහිරා ජාතික පාසලට රුපියල් ලක්ෂ 11ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ අවස්ථාවේ දී විද්‍යාලයේ නර්තනය ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා වන නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහනේ ලංකාවෙන්ම 4වැනි ස්ථානය ලබා ගත් දරුවකුට ලැප්ටොප් පරිගණකයක් ද ලබා දුන්නේය.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ අවුරුදු සමයේ රටෙන් හරි අඩක් දුප්පතුන් වී අවුරුදු මේසය පවා හරියාකාරව සකස් කර ගැනීමට නොහැකි වී ඇති බවත් විරැකියාව වැඩි වී කර්මාන්ත ශාලා වැසී යාම නිසා රටෙන් හරි අඩක් දැඩි පීඩනයකින් සිටින බවත් මේ රටේ 50%ක් කටුක දුක්ඛිත ජීවිතයත් ගත කරන විට හැමදේම හරි කියා කියන පිරිසක් සිටියත් මේ ස්ථායීකරණය ජනතාවට දුකක් ලබා දි ඇති බවයි.

සමස්ත පාසල් දරුවන් සිටියදී ප්‍රාථමික දරුවන්ට පමණක් ආහාර ලබා දීම, දුප්පත්කම තුරන් කිරීමට වැඩපිළිවෙළක් නොමැති වීම, රැකියා නිර්මාණය කරන ආයෝජන නිර්මාණය නොවීම ඇතුළු සෑම අතකින්ම රට කඩා වැටී ඇති නිසා දුගී කම වර්ධනය වී බව හෙතෙම පැවසීය.

මිනිසුන්ගේ ජීවිතවලට මුහුණ දෙන අභියෝග වැඩි කර හැමදේම ස්ථායිකරණය වී ඇති බව පවසන බවත් තෙල් පෝලිම් නැති වුවත් ඉන්ධන භාවිතය අඩු වී ඇති බවත් ජනතාව අසහනය⁣ට පත්වීම තුළ පෝලිම් නැති බවත් වර්තමානයේ රටේ ඇත්තේ ජනතාවාදී පාලනයක් නොව තිරිසන් අමානුෂීයවාදී පාලනයක් බව ඔහු අනාවරණ කලේය.

ඊළඟ අලුත් අවුරුද්ද සමරන්නේ IMF එකත් සමග සාකච්ඡා කර ජනතාවාදී මානුෂියවාදී ගිවිසුමක් සමග මේ රටේ ආර්ථිකය ගොඩනගන සංවර්ධන යුගය ආරම්භ කරමින් බවත් දැනටමත් IMF එකත් සමග මේ ගැන සාකච්ඡා කර ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ආර්ථිකය සංකෝචනය කරන කුඩා කරන විසදුමක් නොව සැමට සුබසාධනය සෞභාග්‍ය උදා කරන ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවයි.

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට පත් වනවාද කියා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමහර කණ්ඩායම් ජනතාවට වැඩක් කරන විට විවිධ ලේබල් අලවමින් සිටින බවත් බස් මෑන් යැයි තමාට ලේබල් අලවන අය මේ බස්වලින් සිදු වූ සේවාව ගැන සොයන ලෙස කියනා බවත් මේ බස් එක නිසා පාසල්වලට විශාල සේවාවක් සිදුවන බවත් අමනෝඥයෝ කොට්ඨාසයකට බස් රථ ලබා දීම විහිලුවක් සහ ඊර්ෂයාවක් වී ඇති බවත් ප්‍රේමදාස මහතා අවධාරණය කලේය.

තමා පාසල්වලට අගයක් එකතු කරන විට එය බෙදිල්ලක් ලෙස කාඩ්බෝඩ් සමාජවාදීන් හැදින්වුවත් තමන්ගේ දරුවන් යන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට බවත් තමන්ගේ දරුවන්ට එසේ සැලකුවත් රටේ දරුවන්ට අගයක් එකතු කර ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන විට මහ පාරට බහින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමතමන්ට ඕන විදිහට සිංහල පමණයි දමිල පමණයි කියා දූපත් මානසිකත්වයෙන් සිටිනවාට වඩා ජාත්‍යන්තර ශ්‍රම වෙළෙද පොලේ ඉල්ලුමට සරිලන ලෙස විෂය නිර්දේශ නිර්මාණය විය යුතු බවත් තවදුරටත් වැහුණු සංවෘත රටක් නොවිය යුතු බවත් කණ්නාඩිය ඉදිරිපිට ජය වේවා කියන රටක අධ්‍යාපනය සාර්ථක නොවන නිසා අධ්‍යාපනයේ වෙනසක් සිදු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Post Views: 11,453
Previous Post

මින්නේරියදී 17 හැවිරිදි සිසුවියක් වෙඩි වැදී තුවාල ලබයි

Next Post

ඇමති සුසිල් චිකාගෝහී ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවක

editor ttvnews

editor ttvnews

Next Post
ඇමති සුසිල් චිකාගෝහී ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවක

ඇමති සුසිල් චිකාගෝහී ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved