27 April 2024
#දේශීය

අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි කර මගහැරෙනු පාඩම්වලට වැඩි ඉඩක් – ඇමැති සුසිල්

එළැඹෙන අගෝස්තු හා දෙසැම්බර් මස වල නිවාඩු කෙටි කර පාසල් පැවැත්වෙන දින ගණන වැඩි කර එම අතිරේක දිනවල දී මෙම කාලය තුළ දරුවන්ට මඟ හැරෙන සියලූම කාලච්චේචේද ආවරණය කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) යෙදී ඇති ජාත්‍යන්තර යෝග දිනය නිමිත්තෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේ දී පැවති රැස්වීමෙන් අනතුරුව ය.

ප‍්‍රාථමික ගුරුවරුන්ට ජූලි මස සිට අඛණ්ඩ පුහුණු සැසි පැවැත්වෙන අතර උසස් පෙළ ගුරුවරුන් සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය ඔස්සේ පුහුණු සැසි ලබාදීම මගින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට පුනරීක්ෂණ, ප‍්‍රශ්නෝත්තර හා අතිරේක වැඩසටහන් පැවැත්වීමට නියමිත ය.

මෙම විශේෂ අධ්‍යාපන වැඩසටහන් අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසවල ක‍්‍රියාවට නැංවෙන අතර සියලූ පුහුණු සැසි ජූලි මාසයේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු, පළාත් නවයේ ම අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කරගෙන දෛනික ව ලබාගන්නා දත්ත හා තොරතුරු ඇසුරින් මේ වනවිටත් සම්පාදනය කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසිය.

එසේම දිවයිනේ ප‍්‍රධාන නගරවල හැර සෙසු ග‍්‍රාමීය ප‍්‍රදේශවල 70% -80%ක ප‍්‍රතිශතයකින් ගුරුවරුන්ගේ හා සිසුන්ගේ පාසල් පැමිණීම් වාර්තා වන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *