ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නුවර ‘West Sixth Street’ හි ඉකුත් ඉරිදා උදෑසන සිදුවූ සමූහ වෙඩි තැබීමේ සිද්ධියෙන් බරපතල තුවාල ලබා සිටි 30 හැවිරිදි ජෝර්ජ් පීඩර්සන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් ඇත.
මිනසෝටා ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වන පීඩර්සන්, ප්‍රකට සටන් කලා ක්‍රීඩකයෙකු (Fighter) ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි අයෙකි. ‘Med City Fighting Championships’ වැනි තරඟාවලි නියෝජනය කළ ඔහු ඉතා දක්ෂ හා ආකර්ෂණීය ක්‍රීඩකයෙකු ලෙස හිතවතුන් අතර ප්‍රසිද්ධව සිටියේය. වෙඩි වැදීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ (මාර්තු 02) ජීවිතක්ෂයට පත් විය.
මෙම ප්‍රහාරයෙන් මියගිය අනෙක් දෙදෙනා වන්නේ ටෙක්සාස් ටෙක් විශ්වවිද්‍යාලයේ 19 හැවිරිදි රයිඩර් හැරින්ටන් (Ryder Harrington) සහ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ 21 හැවිරිදි සවිතා ෂාන් (Savitha Shan) යන සිසුන් දෙදෙනාය.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා 53 හැවිරිදි සෙනගල් ජාතිකයෙකු වන ‘එන්ඩියාගා ඩයෑන්’ (Ndiaga Diagne) නමැත්තෙකි. ඔහු “Property of Allah” යන වැකිය සහිත ඇඳුමකින් සැරසී සිටි අතර, පොලිස් වෙඩි පහරින් ඔහු ද මියගොස් තිබේ. මෙම සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් දැයි බලධාරීන් පරීක්ෂණ පවත්වන අතර, ප්‍රහාරයෙන් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇත.














