ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් (Austin) නගරයේ සිදුවූ සමූහ වෙඩි තැබීමකින් 21 හැවිරිදි ඉන්දීය-අමෙරිකානු සිසුවියක වන සවිතා ෂාන් (Savitha Shan) ඇතුළු පිරිසක් මියගොස් තිබේ. පසුගිය ඉරිදා රාත්‍රියේ බුෆෝර්ඩ්ස් (Buford’s) නැමති අවන්හලක් අසල සිදුවූ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 12 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, මෙය “ත්‍රස්තවාදී ක්‍රියාවක්” විය හැකි බවට සැක කරමින් අංශ මගින් විමර්ශන ආරම්භ කර ඇත.
පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද ප්‍රහාරකයා 53 හැවිරිදි එන්ඩියාගා ඩයිග්නි (Ndiaga Diagne) ලෙස හඳුනාගෙන තිබේ. ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ ඔහු ඇඳ සිටි ඇඳුම්වල ඉරාන ධජයේ සලකුණ සහ “අල්ලාහ්ගේ දේපළකි” (Property of Allah) යන පාඨය සඳහන්ව තිබූ බවට වාර්තා වේ. මෙම ප්‍රහාරය සහ ඉරානය අතර සෘජු සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳව එෆ්.බී.අයි (FBI) ආයතනය විසින් පරීක්ෂණ පවත්වයි.
ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසුව, ඇමරිකානු භූමිය තුළ මෙවැනි ප්‍රහාරයන් එල්ල වීමේ ඉහළ අවදානමක් පවතින බවට ආරක්ෂක අංශ මීට පෙර අනතුරු අඟවා තිබුණි. මෙම සිදුවීමත් සමඟ ඇමරිකාවේ ප්‍රධාන නගරවල ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන ඇත.
මියගිය සවිතා ෂාන් සමඟ 19 හැවිරිදි රයිඩර් හැරින්ටන් (Ryder Harrington) නැමති තරුණයෙකු ද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. මේ වන විට ඇමරිකාව තුළ වෙසෙන දකුණු ආසියාතික ප්‍රජාව සිය ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව වාර්තා වේ.














