ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ (Bendigo) හි බෝධි ධම්ම විහාර භූමියේ රෝපණය කර ඇති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාව එරට ජාතික උරුම ලැයිස්තුවට (Australian Heritage List) නිල වශයෙන් ඇතුළත් කර තිබේ. මෙය ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ආගමික වස්තුවක් මෙවැනි උරුම ලැයිස්තුවකට නම් කෙරුණු ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වේ.
වසර දෙකකට පෙර රෝපණය කරන ලද මෙම බෝධීන් වහන්සේ උරුම ලැයිස්තුවට එක් කිරීමේ උත්සවය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාවට වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ඇලන් (Jacinta Allan) මහත්මිය සහ කතානායක මාරී එඩ්වඩ්ස් (Maree Edwards) මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.














