විශ්වකර්ම සිනමා නිර්මාණකරුවකු ලෙස සැලකෙන ජේම්ස් කැමරන්ගේ (James Cameron) අලුත්ම සිහිනය වන ‘Avatar: Fire and Ash’ මේ වන විට මුළු මහත් සිනමා ලෝකයම සිය ග්‍රහණයට ගෙන අවසානය.
තිරගත කිරීම් ආරම්භ කර ගත වූ කෙටි කාලය තුළ මෙම චිත්‍රපටය පිහිටුවා ඇති වාර්තා සිනමා විශ්ලේෂකයන් පවා මවිතයට පත් කිරීමට සමත්ව තිබේ.
තිරගත කිරීම් ආරම්භ කර දින 15ක් වැනි අතිශය කෙටි කාලයක් තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායම් සීමාව පසු කිරීමට ‘Avatar: Fire and Ash’ සමත් විය.
සිනමා ඉතිහාසයේ බිලියනයේ සීමාව වේගයෙන්ම පසු කළ චිත්‍රපට අතර 8 වැනි ස්ථානය හිමි කර ගැනීමට මෙය සමත්ව තිබේ.
2025 වසරේ මෙතෙක් වැඩිම ආදායමක් ලබා තිබූ Disney සමාගමේම ‘Zootopia 2’ චිත්‍රපටයේ වාර්තා අභිබවා යාමට ද මෙයට හැකි වී ඇත.
ඉදිරි සති කිහිපය තුළ ‘Zootopia 2’ සතු ඩොලර් බිලියන 1.59 ක සමස්ත ආදායම් වාර්තාව ද අභිබවා යනු ඇතැයි විචාරකයෝ අනාවැකි පළ කරති.
මෙම චිත්‍රපටයත් සමඟ අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් සිනමා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබුවේය. මෙය ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද, ඩොලර් බිලියනය ඉක්මවූ ආදායමක් ලැබූ සිවුවැනි චිත්‍රපටය වේ. මීට පෙර ඔහු නිර්මාණය කළ Titanic, Avatar සහ Avatar: The Way of Water යන චිත්‍රපට ද මෙවැනිම දැවැන්ත ආදායම් වාර්තා තබා තිබුණි.
පැන්ඩෝරා ලෝකයේ මෙම නවතම දිගහැරුම චීනය තුළ ද අතිශය ජනප්‍රිය වී තිබේ. චීනයෙන් පමණක් මේ වන විට ඩොලර් මිලියන 100 කට අධික ආදායමක් උපයා ගැනීමට මෙම නිර්මාණය සමත්ව ඇත.
සිනමා විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ වර්තමානයේ ‘පවුලේ සැමට’ (Family Movies) නැරඹිය හැකි උසස් ගණයේ නිර්මාණ සඳහා පවතින ඉහළ ඉල්ලුම මෙහි සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වූ බවයි.
තාක්ෂණික දියුණුව, උසස් දෘශ්‍ය ප්‍රයෝග (Visual Effects) සහ මානව හැඟීම් සමඟ බැඳුණු කතා තේමාවන් නිසා ඉදිරි ඇවටාර් නිර්මාණ ද ලෝක සිනමා ඉතිහාසය තවදුරටත් අලුත් කරනු නිසැකය.














