ඉරාන උත්තරීතර නායකයාගේ අභාවයට විරෝධය පළ කරමින් ඉරාක ජාතිකයින් සිය ගණනක් බැග්ඩෑඩ් නුවර අතිශය ආරක්ෂිත ‘ග්‍රීන් සෝන්’ කලාපයට කඩා වැදීමට උත්සාහ කිරීමත් සමඟ අද (01) දහවල් දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. තානාපති කාර්යාලය වෙත ඇතුළු වීමට උත්සාහ කළ පිරිස වැළැක්වීමට ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති අතර, විරෝධතාකරුවන් ආරක්ෂක අංශ වෙත ගල් ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම ප්‍රදේශයෙන් වෙඩි ශබ්ද ඇසුණු බවත් දුමාරයක් නැගෙමින් පවතින බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.














