• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැසිල් රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය ශාන්ත

14 March 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණ මේ වන විට පොදු ජනපෙරමුණේ බිම් මට්ටම ශක්තිමත් කරගෙන යන අතර දසබල සේනා වැනි වැඩසටහන් තුළින් පක්ෂයේ පාක්ෂිකයන් ශක්තිමත් කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, “ අපි පසහුගිය කාලයේදී දැවැන්ත ආර්ථික අර්බුදයකට යන්න සිදුවුණා. ඒ ආර්ථික අර්බුදයට යන්න ප්‍රධානම හේතුව වුනේ ලෝක වසංගතයක් වෙච්ච කෝවිඩ් වෛරසය කියලා මම විශේෂයෙන්ම විශ්වාස කරන්නේ. ඒ අවස්ථාවේ ජනතාවට විශාල පීඩනයක් ආවා. ඒ පීඩනයෙන් මුදවා ගැනීම සඳහා රජයට විශාල කැපකිරීමක් කරන්න වුණා. ලෝකයේ බොහෝ රටවල් වැහුව්වේ නැහැ. නමුත් අපේ රට මාස තුනහාමාරක් වහන්න සිදුවුණා. ඒ වගේම ඒ අවස්ථාවේ එන්නත් ගෙනල්ලා ජනතාවට දෙන්න වුණා. ඒ වුණාට රජය විදිහට වගකීම් කිසිම දෙයක් පැහැර හැරියේ නැහැ. සියලූම රාජ්‍ය සේවකයින්ට වැටුප් දිම නැවැත්තුවේ නැහැ. ඒ වගේම කොවිඩ් රෝග වැලදු පවුල්වලට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදුන්නා. ඒ වගේම රුපියල් පන්දහස බැගින් ගෙයින් ගෙට ගිහිල්ලා ඒ අවස්ථාවේ ලබාදීලා ජනතාව බේරගත්තා. ලෝකයේ රටවල්වල ලක්ෂ ගණන් මිනිස්සු මැරෙද්දි අපේ රටේ ජනතාව මැරුනේ දාසය දාහයි. මේ ආකාරයට අපිට කළමණාකරණය ගන්න හැකිවුණේ රජය සහ අපේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කළ නිසා. ඒ නිසා අපිට තීන්දුවක් ගන්න සිදුවුණා ඒ අවස්ථාවේ ජනතාව ජිවිත බේරාගැනීමයි සිදුකළ යුත්තේ කියලා. ලෝකයේ බොහෝ රටවල් එසේ සිදු කළේ නැහැ. මිනිස්සු මැරෙන්න දුන්නා. අපි ජනතාවගේ ජිවිත බේරගත්තා දෙවෙනි වතාවටත්. අවුරුදු 30 ක් තිස්සේ තිබුණු බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජයට පත්කරලා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපේ රටේ ජනතාවට අභය දානය දුන්නා වගේම අපි පොදුජන පෙරමුණ හැටියට අපේ ආණ්ඩුව විසින් දෙවෙනි වතාවටත් ජනතාවගේ ජිවිත ආරක්ෂා කරගන්න උපරිම කැපවීමෙන් කටයුතු කළා. පුංචි ආර්ථිකයක් තිබුණු රට වැටුණා. ඒ වගේම දේශපාලන අරගල පටන් ගත්තා. ඒ දේශපාලන අරගල ආපු අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිහතමානීව සහ වගකීම් සහගත තීන්දුවක් ගත්තා. ඒ නිසා තමයි මේ රට ලේ විලක් වුණේ නැත්තේ. සමහර පිරිස් කියනවා අපි පැනලා ගියා, තනතුරුවලින් අස්වුණා කියලා. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට නිහතමානී සහ වගකීම් සහගත තීන්දුවක් ගත්තේ රටේ ජනතාව වෙනුවෙන් කල්පනා කරලා. ඒ නිසා ඒ තීන්දුවත් එක්ක දේශපාලන වශයෙන් විවිධ තීන්දු තීරණවලට ගියා. අපි ජනාධිපතිවරයෙක් පත්කරගත්තා. ඒ ජනාධිපතිතුමා පත්කරගෙනත් ජනාධිපතිතුමාට සහයෝගය දුන්නේ මේ රටේ ජනතාවත් සහ රටේ ආර්ථිකයත් ශක්තිමත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න. ඒ වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම සහ රටේ ජනතාවට ඇතිවුණු තත්වයනුත් හරියාකාරව අවබෝධ කරගෙන අලුත් ජනාධිපතිවරයෙක් පත් කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි පූර්ණ සහයෝගය ලබාදුන්න නිසා අද රට යහපත් තැනකට ගේන්න හැකියාව ලැබිලා තිබෙනවා. ඒ නිසා ඉදිරිකාලයේදී මේ රටත්, ජනතාවත් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැම අවස්ථාවකම අපි ඒ වෙනුවෙන් හිටගන්නවා. ඒ වෙනුවෙන් කටයුතු කරනවා.

අද විශාල පිරිසක් හිතනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉවරයි, ඒ පක්ෂයට ජනතාව නැහැ කියලා. අපි කලබල වෙන්නේ නැහැ. විවිධ දේශපාලන පක්ෂ එළියට ඇවිත් විවිධ මාධ්‍ය සංදර්ශන සහ විවිධ දේවල් කරනවා. නියමිත අවස්ථාවේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ එළියට පැමිණෙනවා. අවශ්‍ය ආකාරයට තීන්දු තිරණ ගනිමින් ජනතාවත් සමඟ ඉදිරියට යනවා. කවුරු මොනවා කිව්වත් අද බිම් මට්ටමේ වැඩිම ජනතාවගේ සහභාගීත්වයක් තිබෙන සහ සමාජිකත්වය දරණ දැවැන්ත හයියක් තිබෙන ප්‍රධානම දේශපාලන පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. අද රට බේරගත් නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ පක්ෂයට නායකත්වය දෙනවා. ඒ වගේම ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවමින් බිම් මට්ටමේ යාන්ත්‍රණය ඉදිරියට අරගෙන යනවා. විධිමත් සංවිධාන ජාලයක් තිබෙන අතර ඒ සංවිධාන ජාලය ක්‍රමානුකූලව බිම් මට්ටමේ නැවත සංවිධානය කරමින් සිටිනවා. අවශ්‍ය වෙලාවට අපේ පක්ෂයේ ශක්තිය පෙන්වන්න පුළුවන්කම තිබෙනවා. ජනාධිපතිවරණය පැවැත්වීමට තව කල් තිබෙනවා. නියමිත වේලාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා පිළිබඳව පැහැදිලිව පක්ෂ තීන්දුවක් අරගෙන ප්‍රකාශයට පත්කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට සංවිධාන කටයුතු රාශියක් කරගෙන යනවා. ග්‍රාම සේවා වසම් මට්ටමින් අපේ ක්‍රියාකාරීන් ඒකරාශි කරලා කටයුතු කරන එක, තරුණයින් සහ කාන්තාවන් එකතු කරගෙන යන කටයුතු ටික, ඒ වගේම නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් දසබල සේනා වැඩසටහන අපේ පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද? නැත්ද? , මොනවද කරන්නේ කියලා බලන්න කලින් පක්ෂය ශක්තිමත් වෙන්න ඕන. පක්ෂය ශක්තිමත් නැතිව අපි කියෙව්වට වැඩක් නැහැ. ඒ නිසා තමයි බිම් මට්ටමේ අංශ කිහිපයකින් සංවිධාන කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා නැවත පැමිණලා විශාල ශක්තියක් දීලා ඒ බිම් මට්ටම ශක්තිමත් කරගෙන යනවා. අනෙක් පැත්තෙන් දසබල සේනා වැනි වැඩසටහන් තුළින් පක්ෂයේ පාක්ෂිකයන් ශක්තිමත් කරන්න, දැනුවත් කරන්න , ඔවුන් සමඟ සංවාදගත වෙන්න වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අනෙකුත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ඒ සුදුසුම අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට පැහැදිලිව අපේ මතය සහ කොයි ආකාරයෙන්ද ජානාධිපතිවරණයට කටයුතු කරන්නේ කියලා පැහැදිලිව රටට ප්‍රකාශ කරනවා. ඒ වගේම එන ඕනම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි හොඳින් මුහුණදෙනවා. ” රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8,459
Previous Post

ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරක

Next Post

සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 කට මුඛ රෝග – සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත

editor ttvnews

editor ttvnews

Next Post
සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 කට මුඛ රෝග – සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත

සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 කට මුඛ රෝග - සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved