27 April 2024
#දේශීය #පුවත්

ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරක

A9 මාර්ගයේ තිරප්පනේ පොලිස් වසමේ පුංචිකුලම ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ලොරි රථයක් මුහුණට ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් ලහිරු තිරිමාන්න ඇතුළුව තවත් හතර දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුර අද පෙරවරු 8.00ට පමණ සිදුව ඇති බවයි තිරප්පනය පොලිසිය සඳහන් කළේ.

මෙම තුවාල ලැබූවන් අතර ලහිරු තිරිමාන්නගේ මව සහ ඔහුගේ රියදුරුද,ලොරි රථයේ රියදුරු සහ රිය සහායකවරයාද සිටින බවයි සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන තිරප්පනය පොලිසිය සඳහන් කළේ.

මේ වන විට ලහිරු තිරිමාන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙන අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

කොළඹ සිට අනුරාධපුර දෙසට පැමිණි ලහිර තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය සහ අනුරාධපුර දෙස සිට කැකිරාව දෙසට ගමන් කළ ලොරි රථය මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීම සඳහා ලහිරු තිරිමාන්න සහ ඔහුගේ මව පැමිණි බවයි ඔවුන්ගේ ඥාතියකු රෝහලේ දී ප්‍රකාශ කර සිටියේ.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *