බැසිල් රාජපක්ෂ නම් දේශපාලන චරිතය විටින් විට කරලියට එන්නේ ඔහු විසින් ඇතැම් විට සිදු කරනු ලබන දේශපාලන ගේම් නිසා බව බොහෝ දෙනාගේ මතය වී ඇත.
ඇත්තෙන්ම බැසිල් කියන්නේ මාර පොරක්ද? දේශපාලන පොර පිටියේ සැලසුම් කරු ඔහුද? මහින්ද කරලියට එන්නේ බැසිල් නිසාද? මේ හැමදේටම වඩා රටේ දේශපාලන බලය රාජපක්ෂ පවුලෙන් ගිලිනොවී පවත්වාගෙන යාමට වෙර දන්නේ බැසිල්ද?
දේශපාලන වශයෙන් බොහෝ කතා එහෙ මෙහ් ඇහෙද්දි බැසිල්ගේ සමීපතයෙකුගෙන් අප අසා සිටියේ බැසිල් මේ කරන ඩිල් එක මොකද්ද කියාය. ඒ අතර බැසිල් ඇත්තටම රටට වෙනුවෙන් වැඩ කරන්නේ තමන්ගේ ඉදිරි දේශපාලන ගමන සඳහා බවත් රටේ නායකයා වීම ඔහුගේ එකම පරමාර්ථය වී ඇති බව වාර්තාවේ.
මේ සිදුවන්නේ තමන්ට අවශ්‍ය වන විදිහට කල්ලියක් නිර්මාණය කිරිමක් බවයි බැසිල්ගේ විශ්වාසවන්තයෙකු අප වෙත කියා සිටියේ. ඒ අනුව මහින්දට විමල් වැන්නෙකු මෙන්ම බැසිල්ටද පණට පණ කියා ගන්නට කෙනෙක් පමණක් නොව කණ්ඩායමක් අවශ්‍යව ඇත.
ඉදිරි දිනවලදී බැසිල් පාර්ලිමේන්තුවට යායුතු යැයි පොස්ටර් පවා නිර්මාණය විය හැකි බවත් එම පොස්ටර් තුල ඇතැම් අය තම තමන්ගේ පොටෝ එක දැමිමේ ඉඩ කඩ වැඩිවෙන්නට හැකි.
කෙසේ හෝ බැසිල්ව කර තියාගෙන හරි පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කල යුතු බව ඇතැම් අයගේ එකම පරමාර්ථය වී හමාරය. මේ වන විට එම සැලසුමද දියත් කරනු ලැබුවේ බැසිල් බවයි බොහෝ අය පවසා සිටින්නේ..
අගමැති හිටපු ජනාධිපති මහින්ද මෙන්ම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් ෆේල් යැයි සමාජ ගත වුයේද බැසිල්ගේ කූඨ උපක්‍රමයකින් බව වාර්තා වේ. මුලින්ම ගෝඨා ෆේල් යැයි පැවසුවේ ආණ්ඩුවේම ඇමැතිවරුන්ය. ඔවුන් පැවසු දේ විපක්ෂයේ හරින් වැනි අය පාර්ලිමේන්තුවේ කතා කිරීම තුලින් සමාජ මාධ්‍ය මගින් ගෝඨා ෆේල් යැයි හංවඩු ගසමින් බොහෝ මත ඉදිරිපත් කරයි…
කෙසේ වෙතත් ගෝඨා ෆේල් පිටුපසත් මහින්දගේ වැඩ ඇනීම පිටුපසත් සිටින්නේ බැසිල් බව පැහැදිලි වන්නේ මේ වන විට දේශපාලනඥයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ වලිනි. බොහෝ දෙනා පවසන්නේ බැසිල් නැතිව ආර්ථිකය ගොඩ ගන්න බැරි බවයි. ඇත්තටම බැසිල් ආර්ථික ගෙඩගන්න පුළුවන් චරිතයක්ද?
බැසිල් ආර්ථික කරපු ගැන කියනකොට හොඳම උදාහරණයක් දෙන්නේ මෙරටට කිරි ගවයින් ගෙන්වු ආකාරයයි. අද වන විට ඒ කිරිගවයින්න ඉන්නවාද යන්න අසා දැනගත යුතුයි. මන්ද එයට ගිය වියදම කොහොමද? කෙසේ වෙතත් ආර්ථික ගොඩගන්නේ රට තවත් ණය පටවලාද? මේ කතාව රනිල් වුණත් ලස්සනට පාර්ලිමේන්තුවෙදී කියනවා. විදේශ ණය ගත යුතුයි කියලා. බැසිල් මෙන්ම රනිල්ද එකම බෝට්ටුවේ වීම විශේෂයි..
බැසිල් මේ වන විට නිරෝධායන වෙමින් සිටියද ඔහු එලියට එනකොට පිට්ටනිය එයාට ඕන විදිහට එයා හදමින් සිටිනවා. බැසිල්ට පාර්ලිමේන්තු ගෙනියන්න හදන්නේ වැඩිපුරම බැසිල් පිටුපස සිටින මේ වනවිට කඩා වැටීමට ඔන්න මෙන්න සිටින ව්‍යාපාරික පිරිසක්ය. ඔවුන් වියදම් කරන සල්ලිවලින් තමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කටවල් ඇරෙන්නේ. ඒ කටවලින් වලින් පිටන්නේ මේ වෙලාවේ බැසිල් ඕන යැයි පමණයි.
හැබැයි බැසිල් ඉතා සිරුවෙන් රටේ ජනතාවගේ මතය මොකද්ද කියලා සොයා බලන බව වාර්තා වේ.. ජනතාවගේ ප්‍රසාදය හිමිවන්නේ බොහෝ දෙනාම එකතු වී බැසිල් අවශ්‍ය බව පැවසිම තුලින් බවත් එය මෙ වන විට ක්‍රමනුකුලව කරමින් සිටි. කෙසේ වෙතත් බැසිල්ට හිතවත් ව්‍යාපාරිකයින් පවසා සිටින්නේ ඔවුන්ට වාසියක් අත්වන්නේ බැසිල් ආර්ථික ඇමැති ධුරය බාරගත්තොත් පමණක් බවයි.
ඒ නිසා දැන් මහින්දත් ෆේල් යැයි පැවසීම නුදුරේදීම සිදුවනු ඇත. එහෙයින් බැසිල් අවශ්‍ය බව එත්තු ගන්නවා බැසිල්ට පාර්ලිමේන්තු ගමනට ලැස්ති කරවන්නට සුදානම් වන්නේ මේ හේතුවෙන් බව අපට දැනගන්නට ඇත. කෙසේ නමුත් තවමත් නිෂ්චිතව පාර්ලිමේන්තු යාමට තීරණය කර නොමැති බැසිල් මේ දේශපාලන පොරපිටිය දිහා සැලකිල්ලෙන් බලා සිටි.
බැසිල්ගේ ගමනට බාධාවන පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට කරලියෙන් ඉවත් කිරීමට ද සැලසුම් කර ඇති බව ද එම විශ්වාසවන්ත ආරංචි මාර්ග වැඩිදුරටත් අප වෙත කියා සිටියේය.
දිලිනි සමන්මලි
Basil thinks whether parliamentarians go or not …!
Many people are of the opinion that the political figure Basil Rajapaksa comes to the fore from time to time due to the political games he sometimes plays. Is Basil really a wrestler? Is he the mastermind of the political arena? Is Mahinda coming to the fore because of Basil? Above all, does Basil know how to maintain the country’s political power without being swallowed up by the Rajapaksa family?
When we heard a lot of talk here and there politically, we asked a person close to Basil what the deal was. Meanwhile, it is reported that Basil is really working for the country for his future political journey and his only objective is to become the leader of the country.
A confidant of Basil told us that this was to create a gang of his own. Accordingly, Mahinda needs not only someone like Wimal but also a team to bring Basil to life.
There may even be posters saying that Basil should go to Parliament in the coming days and it may increase the chances of some people putting their own photo in those posters.
The sole purpose of some is to keep Basil alive and send him to parliament. Many say that it was Basil who launched the plan.
It is reported that the Prime Minister, former President Mahinda Rajapaksa as well as the current President Gotabhaya Rajapaksa were socialized as fail due to Basil’s cunning. At first it was the government ministers who said that Gota failed. What they are saying is that people like Harin in the Opposition are presenting many opinions by speaking in Parliament and branding Gota Fail on social media …
However, it is clear from the statements made by politicians that Basil is behind Gota Fail and Mahinda’s work. Many say the economy cannot recover without Basil. Is Basil really an economically viable figure?
The best example of Basil’s economicization is the importation of dairy cattle into the country. We need to find out if that milk is available today. Because how much did it cost? However, is the country recovering economically by imposing more debts? Even Ranil tells this story beautifully in Parliament. That foreign loans should be taken. It is special that Basil and Ranil are in the same boat ..
Basil is currently under quarantine but when he comes out he is making the pitch the way he wants it. Most of the businessmen behind Basil are trying to take him to parliament. He opens the mouths of the Members of Parliament with the money they spend. The only thing that comes out of those mouths is that they want Basil at this time.
However, it is reported that Basil is very keen to find out the opinion of the people in the country. However, businessmen loyal to Basil say they will only benefit if Basil takes over as finance minister.
Therefore, it will soon be said that Mahinda too has failed. Therefore, we have come to know that this is the reason why Basil is getting ready to prepare for his parliamentary journey.
The reliable sources further said that two persons who were obstructing Basil’s journey are also being planned to be removed from the arena.
Dilini Samanmali