පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් අද (02) බත්තරමුල්ල, තලාහේන ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී රජය නියම කළ පාලන මිල ඉක්මවා සහල් වැඩි මිලට විකිණීමට කටයුතු කළ වෙළෙඳසැල් දෙකක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
“කීරි සම්බා විකුණන්න පුළුවන් රුපියල් 260 යි.. කෝ මුදලාලි” යනුවෙන් පවසමින් වැටලීම් නිලධාරීන් එම වෙළෙඳසැල් දැඩි පරීක්ෂාවට ලක් කළ අතර රජයේ නීතිය උල්ලංඝනය කරමින් වැඩි මිලට සහල් අලෙවි කිරීම හේතුවෙන් එම වෙළෙඳසැල් දෙකටම එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටයි නිලධාරීන් පියවර ගත්තේ. සහල් හිඟයක් මවාපාමින් සහ නියමිත පාලන මිල ඉක්මවා පාරිභෝගිකයන් සූරාකෑමට ලක් කරන මෙවැනි වෙළෙඳුන් සොයා ඉදිරියටත් මෙවැනි වැටලීම් දැඩිව ක්‍රියාත්මක කරන බව බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.














