මානසික තත්ත්වයේ පසු වන පුතෙකු විසින් සිය පියාට යකඩ කූරකින් පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
රිදිගම, පනාගමුව ප්‍රදේශයේ නිවස ඊයේ පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙකි.
මෘත ශරිරය කුරූණෑගල රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර තිබේ.
මෙම ඝාතනය සිදුකරන ලද වයස අවුරුදු 32 ක් එම පුත්‍රයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දෙදෙනා අතර ඇති වු බහින් බස්වීමක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණ වේ. සිද්ධිය සම්බන්ධයෙන් රිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.
			
                                
                                
							











