• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට පෙර එහි අනිටු ඵල වලක්වන ආරක්ෂණ නීති සම්පාදනය කළ යුතුයි – ඇමැති සුසිල්

4 April 2024
in දේශීය, පුවත්
සියලු‍ විද්‍යාපීඨ පරිශ්‍රයන්හි වගා කළ හැකි ඉඩෙහි වැවිය යුතුයි – අධ්‍යාපන ඇමති සුසිල්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ලොව දියුණු රටවල කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට පෙර එමගින් උද්ගත විය හැකි අයහපත් ප්‍රතිඵල වලක්වාගැනීමේ පූර්ව සූදානමක් ලෙස අදාළ නීති රීති සම්පාදනය කරන බවත් අප ද ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති පාසල් දරුවන් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීම හරහා මාර්ග අනතුරු සිදු වන්නට පෙර වලක්වා ගැනීමේ අපේක්ෂාවෙන් පළ කර ඇති මාර්ග ආරක්ෂණ පදක්කම් වැඩසටහනට අදාළ ශිෂ්‍ය අත්පොත් හා ගුරු මාර්ගෝපදේශ අත්පොත් මෙන් ම උපදෙස් සංග්‍රහය එළි දැක්වීමේ වැඩසටහනකට එක් වෙමිනි.

අමාත්‍යවරයා පැවසුවෙ දිනකට පාසල් දරුවන් 196,000ක් නගරගත වන අධික ජනඝනත්වයක් සහිත කොළඹ නගරය ආශ්‍රිත ව දිවයිනේ වෙනත් ප්‍රදේශවලට සාපේක්ෂ ව පාසල් දරුවන් මාර්ග අනතුරුවලට මුහුණපෑමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගන්නා බවයි.

මෙම ඛේදජනක තත්වය වෙනස් කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු ව ඇති බවත් ඒ සඳහා මෙවැනි මාර්ග ආරක්ෂණ වැඩසටහන් මහඟු‍ පිටුබලයක් වන බව හෙතෙම පැවසීය.

ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂණ සභාව හා ඒකාබද්ධ ව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක සහයෝගය මත සිසු දැනුම්වත්කරණය ඇතුළු මෙම මාර්ග ආරක්ෂණ වැඩසටහන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී හා මාර්ගෝපදේශන ශාඛාව හරහා ක්‍රියාවට නංවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

වර්තමානයේ පාසල්වල විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලට පවත්නා උද්‍යෝගය අඩු වී යාමේ ප්‍රවණතාවක් පවතින පසුබිමක එම තත්වය මගහරවා ගැනීමට උත්සුක වෙමින් විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස මෙම වැඩසටහන් දියත් කර මාර්ග අනතුරු සිදු වීමට පෙර ඒවා වලක්වා ගැනීමට ක්‍රියාත්මක වීම මෙම වැඩසටහනේ මුඛ්‍ය අරමුණ වන බව ද කී අමාත්‍යවරයා දිවයිනේ සමස්ත පාසල් පද්ධතියෙන් පාසල් 7,000කට අධික ප්‍රමාණයක මෙම පාසල් මාර්ග ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාවට නංවන බව ද පැවසී ය. එහි දී පාසල තුළ හා පාසලෙන් පිටත මෙන් ම පාසල ඉදිරිපස දී ද පොලිස් නිලධාරීන් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වෙමින් ම මෙම අනතුරු වලක්වා ගැනීමේ පූර්ව ක්‍රමවේද ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් මෙන් ම පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සහ අධ්‍යාපන ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් රූපසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වී සිටියහ.

Post Views: 11,428
Previous Post

මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

Next Post

INSEE සංස්ථා, මෙවර SLIM Kantar සම්මාන උළෙලේ දී වසරේ නිවාස සහ ඉදිකිරීම් සන්නාමය පිදුම් ලබයි

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved