29 April 2024
#පුවත් #ව්‍යාපාර

INSEE සංස්ථා, මෙවර SLIM Kantar සම්මාන උළෙලේ දී වසරේ නිවාස සහ ඉදිකිරීම් සන්නාමය පිදුම් ලබයි

INSEE සංස්ථා සන්නාමය, 2024 SLIM Kantar ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ නිවාස සහ ඉදිකිරීම් සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, එම සන්නාමය මෙම කීර්තිමත් සම්මානය අඛණ්ඩව දිනා ගත් 13 වැනි අවස්ථාව මෙය යි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති සන්නාමය ලෙස INSEE සංස්ථා ජනතා සම්මානය දිනා ගැනීම, INSEE සංස්ථා වසර ගණනාවක් පුරා දිනා සිටින පාරිභෝගික විශ්වාසයට හොඳ ම උදාහරණයකි.

මෙම සම්මානය පිළිබඳ ව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ වාණිජ අධ්‍යක්ෂ සෆීඛාන් සිද්දීක් මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අභියෝගාත්මක කාලවල දී පවා INSEE සංස්ථා සන්නාමය කෙරෙහි දක්වන අඛණ්ඩ සහයෝගය සහ විශ්වාසය වෙනුවෙන් පාරිභෝගික ජනතාව වෙත සිය කෘතඥතාව පළ කරන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ සිද්දීක් මහතා, “INSEE සිමෙන්ති ආයතනය මගින් හඳුන්වා දෙන සෑම නිෂ්පාදනයක් වගේ ම අප විසින් ක්‍රියාත්මක කරනු ලබන සෑම ක්‍රියාවලියක ම විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට අපි නිරන්තරයෙන් ම කැප වෙනවා. පසුගිය දශක පහ තුළ, අපි අඛණ්ඩව හොඳ ම නිෂ්පාදන සහ විසඳුම් ඉහළ ම ගුණාත්මක භාවයෙන් යුතු ව පාරිභෝගික ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් කැප වුණා. මෙම සම්මානය එම විශිෂ්ටත්වය හා ගුණාත්මක භාවය ඉදිරියටත් පවත්වා ගැනීම සඳහා අපට උත්තේජනයක් සපයන බව පැවසිය යුතු ම යි. ” යනුවෙනි.

2007 වසරේ දී ආරම්භ කරන ලද SLIM Kantar ජනතා සම්මාන උළෙල, මෙරට ආයතනික ක්ෂේත්‍රය ආවරණය කරන වැඩසටහන් අතරින් ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස හඳුන්වා දිය හැකි ය. මෙවර සම්මාන උළෙල 2024 මාර්තු 18 වැනි සඳුදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර, එම උත්සවය සඳහා වෙළෙඳ නාම සහ නියෝජිතායතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ අලෙවි කරුවෝ සහ නිලධාරීහු රැසක් සහභාගි වූහ.

ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Kantar ආයතනය විසින් සිදු කරනු ලබන පූළුල් සමීක්ෂණයක් හරහා මෙම සම්මාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගන්නා අතර, මෙරට ජනතාවගේ කැමැත්ත මත ජයග්‍රහණ හිමි වීම විශේෂත්වයකි.

INSEE සංස්ථා යනු, ශ්‍රී ලංකාවේ මෙතෙක් නිපදවන ලද ප්‍රථම පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති නිෂ්පාදනය වන අතර, ඒකාබද්ධ සිමෙන්ති කම්හලක් සහිත එක ම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස ද හඳුන්වා දිය හැකි ය. INSEE සිමෙන්ති, සිය පුළුල් නිෂ්පාදන සඳහා ‘පාරිසරික නිෂ්පාදන සහතිකය (EPD)’ ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම වන අතර, එම සමාගම සිය නිෂ්පාදන ක්‍රියාවලියේ දී පරිසරය වෙත කාබන් මුදා හැරීම අවම කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙයි. INSEE සංස්ථා පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති, ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය වෙතින් පිරිනමන හරිත ගොඩනැඟිලි සහතිකය හිමි කර ගත් ප්‍රථම ශ්‍රී ලාංකේය සිමෙන්ති සන්නාමය බවට පත් වූ අතර, එම සන්නාමය 2023 වසරේ දී Ceylon Institute of Builders වෙතින් රන් සහතිකය හිමි කර ගැනීමට ද සමත් විය.

INSEE Sanstha has once again been recognized as the People’s Housing and Construction Brand of the Year 2024 by SLIM Kantar, marking its 13th consecutive win in this prestigious category. The award, presented by The Sri Lanka Institute of Marketing (SLIM), signifies the trust and loyalty that customers have placed in the brand over the years, driving INSEE Sanstha’s legacy as Sri Lanka’s #1 Cement brand.

Speaking about the accolade, INSEE Cement’s Commercial Director Safeekhan Siddeeque expressed gratitude INSEE’s customers for their continued support and trust in the brand, even during challenging times in Sri Lanka’s construction industry. “At INSEE Cement, we are deeply committed to delivering excellence in everything we do. For the past five decades, we have been consistently providing the best in products and solutions at the highest quality consistently. This award fuels our motivation to continue raising the bar of excellence and further strengthening our legacy.”

The SLIM Kantar People’s Awards, established in 2007, are among the most highly anticipated events in the corporate calendar. This year’s awards ceremony was held on Monday 18 March at the Monarch Imperial in Sri Jayawardenapura Kotte, with the attendance of senior marketers and officials, representing both brands and agencies.

What sets these awards apart is their unique basis on consumer preferences, determined through a comprehensive survey rather than by a panel of experts. Kantar, on behalf of SLIM, undertakes an exhaustive data collection and analysis process to select the winners for various categories, including the coveted People’s Housing and Construction Brand of the Year.

INSEE Sanstha Cement was the first Portland-Composite-Cement ever to be launched in Sri Lanka and is also the only cement manufacturer with an integrated cement plant. INSEE Cement is also the first company in Sri Lanka to receive Environmental Product Declarations (EPD) for its comprehensive product portfolio, demonstrating a commitment to reducing its environmental footprint and promoting sustainable construction practices. INSEE Sanstha Portland Composite Cement became the first cement brand in Sri Lanka to be awarded the prestigious Green Certificate by the Green Building Council of Sri Lanka. INSEE Sanstha was also awarded the gold certificate from the Ceylon Institute of Builders in 2023.

PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *