තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ සිදුකළ බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ සිය නීතිඥයන් මාර්ගයෙන් තරුණ රංගන ශිල්පිනී හර්ෂි රසාංගා වෙත එන්තරවාසියක් (Letter of Demand) යොමු කර තිබෙනවා
භානුක රාජපක්ෂගේ නීතිඥ කණ්ඩායම චෝදනා කරන්නේ රුපියල් 900,000කට වඩා වටිනා රන් මාලයක් තමන්ගෙන් ලබාගෙන පසුව එය තම අනුදැනුමකින් තොරව උකස් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් තලංගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් නිළිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා
අධිකරණයේදී විත්ති පාර්ශවය ප්‍රකාශ කර තිබුණේ මෙම රන් මාලය උකස් කර ඇති බවත් එය බේරාගෙන නැවත ලබා දීමට කටයුතු කළ හැකි බවත්ය. එහෙත් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ පෞද්ගලික සබඳතාවක් පැවති සමයේ මෙම රන් මාලය තමන්ට තෑග්ගක් ලෙස ලැබුණු එකක් බවයි. අධිකරණයේදී එක් ප්‍රකාශයක් කර ඉන් පිටතදී ඊට පරස්පර සහ තමන්ට අපහාස වන අයුරින් අදහස් දැක්වීම නිසා භානුක රාජපක්ෂ මෙම නීතිමය පියවර ගෙන තිබෙනවා. අදාළ රන් මාලය පොලිස් භාරයට ගෙන අප්‍රේල් 22 වැනිදා පැවැත්වෙන මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා













