බියගම, හේනිහත්ත ප්‍රදේශයේ ගෙවත්තක තිබූ නැදුන් ගසක් කපමින් සිටි පුද්ගලයෙකු අඩි 20ක් පමණ ඉහළ සිට බිමට ඇද වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (12) දින මෙම අනතුර සිදුව ඇති බව බියගම පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ අහුගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි කුලතුංගගේ අසංක නැමැති විවාහක පුද්ගලයෙකි. ගස කපමින් සිටියදී ඔහු පාලනය ගිලිහී බිමට ඇද වැටී ඇති අතර, වැටුණු ස්ථානයේදීම ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.
බියගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මරණ පරීක්ෂණය පැවැත්වූ අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා දේහය රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙස පොලිසියට නියෝග කළේය. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) දින රාගම රෝහලේදී පැවැත්වීමට නියමිතය. බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














