සාම්ප්‍රදායික මූල්‍ය ක්‍රමය තුළ කාන්තාවන්ට මුහුණ දීමට සිදු වූ බාධක ඉවත් කරමින් බ්ලොක්චේන් සහ වෙබ් 3.0 තාක්ෂණය හරහා ඔවුන්ට නව ආර්ථික පන්නරයක් ලබා දිය හැකි බව බයිනෑන්ස් ආයතනයේ ගෝලීය ප්‍රධාන අලෙවි නිලධාරිනී රේචල් කොන්ලන් පවසයි. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අදහස් දක්වමින් ඇය පෙන්වා දෙන්නේ මූල්‍ය පද්ධතිය මුල සිටම යළි ගොඩනැගෙන මෙම යුගයේදී එය කාන්තාවන් කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කිරීමේ තීරණාත්මක අවස්ථාව අප සතු බවයි. විදේශ රටවල සේවය කරන කාන්තාවන් තම නිවෙස්වලට මුදල් එවන රෙමිටන්ස් ක්ෂේත්‍රය තුළ පවතින අධික ගාස්තු සහ සංකීර්ණ ක්‍රියාවලිය ස්ටේබල්කොයින් වැනි ඩිජිටල් වත්කම් හරහා සරල කළ හැකි අතර මෙය හුදු තාක්ෂණික වෙනසක් පමණක් නොව කාන්තාවන් මහන්සියෙන් උපයන මුදලින් අතරමැදියන් ලබාගන්නා කොටස අවම කර කෙලින්ම ඔවුන්ගේ පවුල් වෙත ලබා දෙන විමුක්තිදායක පියවරක් බව ඇය අවධාරණය කරයි.
ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රය තුළ කාන්තා සහභාගීත්වය වැඩිකිරීම සඳහා මූල්‍ය සාක්ෂරතාවය ලබා දෙන බයිනෑන්ස් ඇකඩමිය වැනි වැඩසටහන් හරහා කාන්තාවන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ. පවුලක ඉතිරි කිරීම් ඩිජිටල් අවකාශයට ගෙන ඒමේදී අවශ්‍ය කරන ඉහළම ආරක්ෂක ප්‍රමිතීන් සහ නියාමනයන් සහතික කිරීම මෙන්ම මූල්‍ය තීරණ ගන්නා ඇල්ගොරිතම තුළ පැවතිය හැකි ස්ත්‍රී-පුරුෂ භේදය ඉවත් කර සැමට සමාන අවස්ථා ලබා දීම ද මෙහිදී වැදගත් වේ. එමෙන්ම නව මූල්‍ය පද්ධතියේ නිර්මාණකරුවන් අතර කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු අතර බයිනෑන්ස් ආයතනයේ ගෝලීය සේවක මණ්ඩලයෙන් 40%ක් මේ වන විට කාන්තාවන් නියෝජනය කිරීම මගින් එම ආදර්ශය සපයා ඇත.
කාන්තාවන් මූල්‍යමය වශයෙන් සබල ගැන්වීම යනු ඔවුන් තම පවුලට සහ ප්‍රජාවට වැඩි වශයෙන් ආයෝජනය කිරීම වන අතර එය රටක දළ දේශීය නිෂ්පාදිතය වර්ධනයට සහ සමාජ ස්ථාවරත්වයට සෘජුවම දායක වන්නකි. 20 වැනි සියවසේ බැංකු පද්ධතිය තුළ කාන්තාවන්ට තිබූ සීමා මායිම් 21 වැනි සියවසේ විවෘත ඩිජිටල් පද්ධතිය තුළ නොතිබිය යුතු බව රේචල් කොන්ලන් වැඩිදුරටත් කියා සිටියි.














