• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

අලියාන්ස් වෙතින් බොගවන්තලාව සාන්ත ජෝන් ඩෙල් රේ දමිළ විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනයට දිරියක් ලබාදෙයි

25 April 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දැයේ අනාගත ජීවනාලිය බඳු ආදරණීය දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම උදෙසා සහය දැක්වීමේ අලියාන්ස් හි සමස්ත සමාජ සත්කාර ක්‍රියාදාමයෙහි තවත් පියවරක් ලෙස සාන්ත ජෝන් ඩෙල් රේ දමිළ විද්‍යාලයේ පුස්තකාලය සඳහා අධ්‍යාපනයට උපකාරී වන පොත්, පුස්තකාල අල්මාරි පරිත්‍යාගයක් මෙන්ම පාසල් පුස්තකාලය නැවත පින්තාරු කිරීමක් මෑතකදී සිඳු කොට ඇත.

මෙම පාසල ශ්‍රී ලංකාවේ සශ්‍රීකම එමෙන්ම හරිත පරිසරයකින් සුසැදි මධ්‍යම කඳුකරයේ, සුන්දර බගවන්තලාව නිම්නය ආශ්‍රිතව පිහිටා තිබෙන 1 – 11 ශ්‍රේණි දක්වා පාසල් දරුවන් 543 සමන්විත අවම පහසුකම් යටතේ ඉගෙනුම් කටයුතුවල නියැළෙන පාසලකි.

බොගවන්තලාව නගරයේ සිට ආසන්න වශයෙන් 8km පමණ දුරින් පිහිටා ඇති මෙම පාසලෙහි ගුරුවරුන් 27 දෙනෙකු සේවය කරන අතර දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද මෙම විද්‍යාලයේ සිසුන් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සහ සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් සාමාර්ථ ලබා ගනිමින් සිය අධ්‍යාපන කඩයිම් සාර්ථකව නිම කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. මෙම සිසුන්ගේ පවුල්වල දෙමව්පියන්, තම ජීවිකාව ලෙස කුලී වැඩවල නිරත වෙමින් ඉතාමත් අසීරුවෙන් එදා වේල සපයා ගන්නා අසරණ මිනිසුන් වන නිසාම තම සිසුන් අධ්‍යාපනය ලබන පාසලෙහි කෙතරම් අඩුපාඩුකම් දුටුවද, එකී පහසුකම් නංවාලීම සඳහා දෙමාපියන්ගෙන් අමතර සහයෝගයක් ඉල්ලා සිටීමට නොහැකි වී ඇත.

මෙම පරිත්‍යාගය නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය, අලියාන්ස් ලංකා හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම හැටන් ශාඛාවේ සහ මධ්‍යම කලාපයේ සාමාන්‍ය රක්ෂණ සහ ජීවිත රක්ෂණ යන දෙඅංශයේම, විකුණුම් නියෝජිතයින්ගේ ප්‍රදානත්වයෙන් මෑතකදී පැවැත්විණි. මෙම පරිත්‍යාගය අලියාන්ස් ලංකා හි ආයතනික සමාජ වගකීම් ක්‍රියාදාමයේම තවත් එක් පියවරක් වන අතර පාසල් සිසුන්ට වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට සහයෝගය ලබාදීමක් වනවා මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක (UNSDG) සමඟ පෙළ ගැසෙමින්, ප්‍රජාවගේ අභිවෘද්ධියට දායකවීමේ අරමුණින් යුක්තව සිඳුකරන ලද්දකි.

මෙම පරිත්‍යාගය පිළිබඳව අදහස් දක්වමින් අලියාන්ස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු, ඇලන් ස්මී මහතා පැවසුවේ, ”වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස අලියාන්ස් ලංකා අපි, ගුණාත්මක අධ්‍යාපනයේ තිරසාර සංවර්ධන ඉලක්කයට (SDG) අනුගතව, ශ්‍රී ලාංකීය ප්‍රජාවන්ගේ අභිවෘද්ධියට දායක වීම සඳහා නිරන්තරයෙන්ම කැපවී සිටිමු. අපගේ ආයතනික සමාජ වගකීම් ක්‍රියාදාමය හරහා ඉතාමත් අඩු පහසුකම් යටතේ අධ්‍යාපනය හදාරන ග්‍රාමීය පාසල් දරුවන්ට අත්‍යවශ්‍ය පුස්තකාල පොත්පත් සහ අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම මඟින් ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු සාර්ථකව සිඳු කරගෙන යාම සඳහා ඔවුනට සහයෝගය දැක්වීම අපගේ අරමුණයි. එමෙන්ම මෙම සිසුන්ගේ ජීවිතවල අර්ථවත් වෙනසක් ඇති කිරීමට හැකිවීම පිළිබඳව වගේම ඔවුනට ඒ සඳහා සවියක් වීමට අවස්ථාව ලැබීම පිළිබඳව අපි බෙහෙවින්ම සතුටට පත්වෙනවා. ඉදිරියේදීත් මෙවැනි තවත් ව්‍යාපෘතිවලට සම්බන්ධ වෙන්න අපි බලාපොරොත්තු වෙනවා.”
පොදුවේ Allianz Lanka (අලියාන්ස් ලංකා) ලෙස හැඳින්වෙන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ජර්මනියේ මියුනික් නගරයේ පිහිටා ඇති රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ව්‍යාපාර සඳහා ප්‍රධාන වශයෙන් සේවා සපයන ගෝලීය මූල්‍ය සේවා සපයන්නෙකු වන Allianz‘ හි පූර්ණ අනුබද්ධිත සමාගම් වේ. අලියාන්ස් සමූහයේ ගෝලීය ශක්තිය සහ ශක්තිමත් ප්‍රාග්ධනීකරණය සමග එක් වී ඇති දේශීය විශේෂඥතාව සහ ව්‍යාපාරික දැනුම අලියාන්ස් ලංකාහි සාර්ථකත්වය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයයි.

 

පිටපත – PR

Post Views: 6
Previous Post

විදේශ ගත ශ්‍රමිකයින්ට අඩු පොලී ණයක් – විදේශ රැකියා ඇමැති මනුෂ

Next Post

ඉහළ ගිය ඖෂධ හිඟය අද වනවිට විශාල ලෙස පහළ බැස තිබෙනවා. – සෞඛ්‍ය ඇමැති

editor

editor

Next Post

ඉහළ ගිය ඖෂධ හිඟය අද වනවිට විශාල ලෙස පහළ බැස තිබෙනවා. - සෞඛ්‍ය ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved