27 April 2024
#දේශීය

විදේශ ගත ශ්‍රමිකයින්ට අඩු පොලී ණයක් – විදේශ රැකියා ඇමැති මනුෂ

විදේශ ගත ශ්‍රමිකයින්ටත් විදේශ රැකියාවල නිරතව මෙරටට පැමිණ ව්‍යවසායකයින් ලෙස කටයුතු කිරීමට අපේක්ෂිත අයටත් අඩු පොලී ණය පහසුකම් ලබාදෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසුවේ නීති විරෝධී මිනිස් ජාවාරම්වල යෙදෙන ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ ලංකාවේ ඉත්න් බවට පත්වත සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් බවද, විදේශ ගත ශ්‍රමිකියන්ගේ සුබසාධනය ගැන ඔවුන් කතා කළාට ඔවුන්ගේ මන්ත්‍රීවරුන් මිනිස් ජාවාරමේ යෙදෙන අය බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා ” විදේශ රැකියාවල නිරතවන ගෘහ සේවිකාවන්ගේ පවුල්වල තත්වය ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසු විපරම් කරනවා. විදේශ ගත ශ්‍රමිකයින්ගේ වගේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කාර්යාංශය කටයුතු කරනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා රැකියා සදහා පිටත්ව යන සියලුම ශ්‍රමිකයින්ගේ දත්ත කාර්යාංශයේ පරිඝනක පද්ධතියේ ඇතුළත් වෙනවා. ඒ වගේම විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන් හරහා පවුල්වල සුබසාධනය හා ආරක්ෂාව සම්බ්නධයෙන් කටයුතු කරනවා. රට ගියාම පවුලේ අය ගැන බලා ගන්නවා වගේම, රට ගොස් නැවත පැමිණෙන ශ්‍රමිකයා සවිබල ගැන්වීමටත් කටයුතු කරනවා. විදේශ ගත ශ්‍රමිකයින්ට මිලියන දෙකක් දක්වා අඩු පොලීයට ණයක් ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අයට වගේම නැවත ලංකාවට පැමිණි ශ්‍රමිකයින් ව්‍යවසායකයින් බවට පත් කිරීමට මෙම ණය ක්‍රමය තවත් පුලුල් කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ අංශය මගින් විදේශ රැකියාවල නියුතුවූවන්ගේ ගැටලුවලට විසදුම් ලබාදෙනවා.

අපි හැම තිස්සේම අහුවෙන්න එපා කියනවා. එක එක රැලිවලට අහුවෙනවා වගේ එක එක කතාවලට අපේ මිනිස්සු අහුවෙනවා. නීත්‍යානුකූල මාර්ගයෙන් විදේහ ගත වෙන්නෙ කියලා කිව්වට නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ ගිහින් නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. ‍පසුගිය කාලයේදී පැවති විවිධ අස්ථාවරභාවයන් නිසා මොන විදියකට හරි රටින් යන්න ඕන කියලා හිතපු කණ්ඩායමක් ඉන්නවා. එතැනදී ව්‍යාජ උදවියගේ ග්‍රහණයට ලක්වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මේ පාර ඡන්දයට ඉදිරිපත්වෙන මන්ත්‍රීවරයෙක් කණ්ඩායම් එකතු කරලා හොරට විදේශ රැකියාවලට යොමු කරනවා. ඒ අයගේ ජීවිතවලට අවදානමක් දැන් ඇතිවෙලා තියෙනවා. කොරියාවට, අනෙක් රටවලට ගිහින් විදේශ ගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය ගැන කතා කළාට තමන්ගේ මන්ත්‍රී මිනිස් ජාවාරමේ යෙදෙනවා. මේ අය නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අපි කටයුතු කරමින් සිටිනවා. සංචාරක වීසා හරහා විදේශ රැකියා සදහා පිටත්ව ගොස් සමහරු අමාරුවේ වැටෙනවා. මානව හිමිකම් ප්‍රශ්න ගැන කියමින්, සිය කැමැත්තට යන බව කියමින් මේ අය විදේශ රැකියා සදහා පිටත්ව යනවා. මේවා නවත්වන්නේ කොහොමද? අපි පුලුවන් තරම් දැනුවත් කරලා නතර කිරීමට කටයුතු කරනවා වගේම සුරක්ෂා නිවාසවල සිටි බොහෝ දෙනෙක් ගෙන්වා ගැනීමට අපි කටයුතු කරනවා. ඒ වගේම විදේශ රැකියා සදහා පිටත්ව ගොස් වෙන වෙන තැන්වලට පනින අය වැලැක්වීමට අපි කටයුතු කරනවා. ඒ අනුව කොමිස් මුදල් ලබා ගැනීමේ අරමුණෙන් මාස දෙකක් ඇතුළත රැකියාවෙන් පනිනන අය වැලැක්වීමට අපි කටයුතු කරනවා. ඒ වගේම සංචාරක වීසා මත රැකියා සදහා පිටත්ව ගිය අය සුරක්ෂා නිවාසවලට ඇතුළත් කර නොගැනීමට තීරණය කර තිබෙනවා. මේ ජාවාරම් වැලැක්වීමට අලුත් ගිවිසුමක් අපි හදුන්වාදී තිබෙනවා.

ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින්ට රක්ෂණයක් හදුන්වාදී තිබෙනවා. ඒකත් අර කලින් හදුන්වලා දීලා තිබුණ වගේ රක්ෂණයක්ද කියලා සමහරු අහනවා. ඉස්සර කළා වගේ තමන්ට අවශ්‍ය කෙනාට රක්ෂණය ලබාදීමේ ක්‍රමවේදයක් නෙමෙයි අපි අනුගමනය කළේ. ජාත්‍යන්තර ටෙන්ඩර කැදවීමක් කරලා ජාත්‍යන්තරව සියලුම ආයතනවලින් ඉල්ලීමක් කරලා ගෘහ සේවිකාවන් රක්ෂණය කරලා තියෙනවා. මේවා නොදන්නා සමහර පුද්ගලයින් හා මාධ්‍යෙව්දීන් එළියට ඇවිල්ලා ටෙන්ඩර කරලා නෑ කියලා කියනවා. ඒත් ජාත්‍යන්තර ටෙන්ඩර කැදවීමකින් පසුව රක්ෂණය ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෙහි ආරම්භක කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. අපේ රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් එවන්නේ අපේ කාන්තාවන්. අද අපේ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටික දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ, විදුලිය කපන්නේ නැතිව තබාගන්න පුලුවන් වෙලා තියෙන්නේ, මේ අය එවන මුදල් නිසා. පසුගිය මාර්තු 31 වැනිදා සිට එන්.වී.ක්‍යු 3 සහතිකය නොමැතිව ගෘහ සේවයට යන්න බෑ. දැන් අපි ගෘහ සේවිකාවන් නෙමෙයි යවන්නේ, උසස් ගෘහ පාලිකා තනතුරු සදහා තමයි අපි ශ්‍රමිකයින් පිටත් කර යවන්නේ. දැනට ඉහළම වැටුප් ලබන ශ්‍රමිකයින් සපයන රටවල් දෙකෙන් එකක් තමයි අපේ රට. මේ ශ්‍රමිකයින් සාත්තු සේවිකාවන් ලෙස පිටත් කර යැවීමට, සාත්තු සේවක ආර්ථිකයක් වෙනුවෙන් කටයුතු කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල වයස්ගත ජනගහනය ඉහළ යමින් තිබෙනවා. ඒ රටවල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට අපිට ශ්‍රමය තිබෙනවා. ඒත් පුහුණු ශ්‍රමය නැහැ. මේ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය, වෘත්තීය පුහුණු අධිකාරිය සමග එකතුවෙලා අදාල පුහුණුවීම් සිදුකරනවා. ලෝකයේ ශ්‍රම වෙලදපොලේ අවශ්‍යථාවය අනුව පුහුණු කිරීම් ආයතන සමග එක්ව කටයුතු කිරීමට අපි සූදානම්

හෙදියන්ට ලෝකයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒත් විදේශ රැකියා සදහා යැවිය හැක්කේ හෙද සංගමයේ ලියාපදිංචි හෙදියටන්ට පමණයි. පුද්ගලික අංශයේ හෙද පුහුණුව ලබන අයට මෙම ලියාපදිංචිය ලබාදීමට වෘත්තීය සමිති විරෝධය දක්වා තිබෙනවා. විදේශ රැකියා සදහා ඉල්කක කරගත් හෙදියන් පුහුණු කිරීමටත්, ඒ සදහා ජාත්‍යන්තර ආයතන සමග එක්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා. වෘත්තීය සමිති පැත්තකින් තියලා, ඔවුන්ගේ සහාය රටේ සංවර්ධනයට යොදා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. තායිලන්තයට අපේ තරුණ තරුණයින් රැගෙන යන මිනිස් ජාවාරමක් හදුනා ගැනීමට අපිට පුලුවන් වුනා. මේ ජාවාරම කරලා තියෙන්නේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක්. ඒ මන්ත්‍රීතුමා දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා. සල්ලි අරගත්ත අය අතට අහුවුනාම අත්අඩංගුවට ගත්තා. අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ එදාම ඇප ලැබිලා තිබෙනවා. අධිකරණයත් මේ අය සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය අනුගමනය කරාවි යැයි අපි බලාපොරොත්තු වෙනා. ඇප ලැබෙන නිසා මේ වගේ වැරදි කරන අය බය නැතිව වැරදි කරනවා. තායිලන්තයේ සහ ලාඕසයේ සිරවී සිටින අය ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සමග අපි කටයුතු කරමින් සිටිනවා. මේක ජාත්‍යන්තර ජාවාරමක්. ජාත්‍යන්තර මාෆියාවක්. මේ ජාත්‍යන්තර මාෆියාවේ ලංකාවේ ඉත්තෝ තමයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු යැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *