27 April 2024
#දේශීය

“සුසුමට හුස්මක්” ශ්‍රමදාන වැඩසටහන රිවස්ටරන් පිරිසිදු කරයි

දුම්බර අඩවිය නිකසළ පුරවරයක් බවට පත්කිරීම අරමුණු කරගත් “සුසුමට හුස්මක්” ශ්‍රමදාන වැඩසටහන රිවස්ටන් සංචාරක කලාපය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

රිවස්ටන් සිට ඉලුක්කුඹුර දක්වාත්,රිවස්ටන් සිට රත්තොට දක්වාත් ශ්‍රමදාන දෙකක් පැවැත්විණි.මෙහිදි මාර්ගය දෙපස අවිධිමත් ලෙස බැහැර කළ කසළ එක්කොට ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට යොමු කිරීම සිදුවිය

රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය,ලග්ගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,රත්තොට ප්‍රාදේශීය සභාව, රත්තොට පොලිසිය, මහා රාවණා සුබසාධක සංගමය සමඟ බඹරකිරිඇල්ල ග්‍රාම සංවර්ධන සමිතිය ඒකාබද්ධව වැඩසටහන දියත් කළේය.

ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය ප්‍රවාහන පහසුකම් සඳහා සහයෝගය ලබා දුන්හ.

මහා රාවණා සංවිධානය,බහුකාර්යය සංවර්ධන කාර්යය සාධක බලකාය,බඹරකිරිඇල්ල ග්‍රාම සංවර්ධන සමිතිය,ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ මාතලේ ශාඛාව සහ ආයතන රැසක් වැඩසටහන සඳහා ශ්‍රමදායකත්වය සැපයීය.

රත්තොට ප්‍රාදේශිය ලේකම් රිෂ්මිනා රියාල්දීන් මහත්මියගේ උපදේශකත්වයෙන් රත්තොට සංචාරක ප්‍රවර්ධන නිලධාරී චාමර රුචිරංග මහතා වැඩසටහන සම්බන්ධිකරණය කළේය.

පරිසරවේදී ගාමීණි ජයතිස්ස මහතා රිවස්ටන් කලාපයේ වැදගත්කම පිළිබඳ මෙහිදි කෙටි දෙසුමක් පැවැත්වීය.

රත්තොට ප්‍රාදේශිය ලේකම් රිෂ්මිනා රියාල්දීන් මහත්මිය,රත්තොට ප්‍රාදේශිය සභාපති කුමාරසේන තෙන්නකෝන් මහතා,රත්තොට පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *