27 April 2024
#දේශීය

බර්සා හි ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලාංකික නිපැයුම් පිළිබඳව ගවේෂණයට සැරසෙයි

නිෂ්පාදන ගවේෂණය කිරීමට සහ ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සෙවීම සඳහා බර්සා හි මූලික ව්‍යාපාරික ප්‍රජාවට තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. ආර්. හසන් මහතා ආරාධනා කර සිටි.

බර්සා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සාමාජිකයන් සමඟ පැවති තොරතුරු හුවමාරු කරගැනීමේ වට මේස හමුවක් අතරතුරදී මෙසේ ආරාධනා කර ඇත.

බර්සා නුවර සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ කටයුතු, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම සඳහා, තානාපතිවරයා පසුගිය 24 වනදා බර්සා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩබලන සභාපති ඉස්මයිල් කුස් මහතා, සභා සාමාජිකයින් සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීය.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ, මේ වන විටත් ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ සමාගම් නියෝජිතයන් දේශීය කුළුබඩු, ලංකා තේ, ටයර් සහ අනෙකුත් රබර් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව උනන්දුවක් දැක්වූහ. එමෙන්ම, නිරෝධායන සීමාවලින් තොරව ශ්‍රී ලංකාව විදේශිකයන් සඳහා විවෘත කළ වහාම මෙහි පැමිණීමට ඔවුන් තුළ ඇති කැමැත්ත ද පළ කළහ.

දැවැන්ත නිෂ්පාදන අංශයකින් සමන්විත තුර්කියේ දෙවැනි විශාලතම ව්‍යාපාරික නගරය වන බර්සා ප්‍රදේශය, 2020 වර්ෂයේ දී ඇ.ඩො. මිලියන 21.3 ක මුළු වෙළඳාමක් වාර්තා කළේය.

මිලියන 3.1 ක ජනගහනයකින් යුක්ත බර්සා නගරය, වත්මන වන විට ජනගහනය අතින් සිව්වැනි ස්ථානය හිමි කරගෙන සිටී. වර්ෂ 1889 දී ස්ථාපිත කරන ලද බර්සා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය 46,000 ක සාමාජික පිරිසකින් සමන්විතය. ඇඟළුම්, වාහන නිෂ්පාදනය, ආහාර සැකසීම, නැවුම් පලතුරු, ඇට වර්ග, වියළි පලතුරු සහ සංචාරක ව්‍යාපාරය යනාදිය එහි ආර්ථිකයට දායක වන ප්‍රධාන අංශ වේ.

තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක (වාණිජ) යෝෂිතා ජයසූරිය මහත්මිය, බර්සා හි ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් අහ්මත් යිල්ඩිස් මහතා, සභාවේ උප සභාපති මුරාට් බෙයිසිට් මහතා, සභාවේ නියෝජ්‍ය සභාපති මෙටින් සෙන්යූර්ට් මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික යුක්සල් ටැස්ඩෙමීර් මහතා මෙම හමුවට සහභාගී වූහ.

 

 

 

 

 

Bursa business community ready to explore Sri Lankan products

Ambassador of Sri Lanka to Turkey M.R. Hassen, during a round table information sharing meeting with the members of the Bursa Chamber of Commerce and Industry, invited the Bursa based business community to explore a wide range of quality Sri Lankans products and look for investment opportunities available in Sri Lanka. Ambassador had a constructive discussion with Acting Chairman of the Board of Directors Ismail Kus and the Assembly members & board of directors of the Bursa Chamber of Commerce & Industry to enhance trade, investment & tourism between Bursa & Sri Lanka on 24 September 2021.

Prominent business personalities and representatives of companies currently engaged in business activities with Sri Lanka were present at the occasion and shown interest in Sri Lankan spices, Ceylon Tea and solid tyres and other rubber related products. They expressed their desire to visit Sri Lanka once Sri Lanka fully opens for foreigners without quarantine restrictions.

Region of Bursa is the second largest business city of Turkey with huge manufacturing sector and recorded 21.3 million USD worth total trade in year 2020. In terms of population Bursa currently ranks fourth with 3.1 million population. Bursa Chamber of Commerce and Industry comprised of 46,000 memberships and established in 1889. Textile, automotive manufacturing, food processing, fresh fruits, nuts and dry fruits and tourism are the major sectors contribute to its economy.

Minister Counsellor (Commercial) of the Embassy Yoshitha Jayasuriya, Honorary Consul of Sri Lanka to Bursa Ahmet Yildiz, Vice President of the Assembly Murat Bayizit, Deputy President of the Assembly Metin Senyurt, Member of the Board of Directors. Yuksel Tasdemir attended at the meeting.

Leave a comment

Your email address will not be published. Required fields are marked *