• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුෂණය තුරන් කිරීම තුළීන් රට ස්ථිරව සංවර්ධනයට යාමට හැකියි – රාජ්‍ය අමාත්‍ය තාරක

28 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දූෂණය තුරන් කිරීම තුළින් රටේ ස්ථිරව සංවර්ධනයකට යෑමට හැකියාව පවතින අතර ඒ සඳහා වත්මන් රජය ගෙන එන ප්‍රතිපත්ති සමඟ සාර්ථකව වැඩකටයුතු සිදුකිරීමට හැකියාව ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, “අපිට දැන් IMF එකේ පළමු අදියරේ දී මිලියන 300 පමණ මුදල් ප්‍රමාණයක් ඇවිත් තිබෙනවා. දැන් මේ තත්වය මත අලුත් රැල්ලක් පටන්ගන්න උත්සහයක් තිනෙබනවා. සමහර වෘත්තිය සමිති පිරිස ඇවිත් මේ පෞද්ගලිකරණයට විරුද්ධයි කියලා යම්කිසි අදහසක් ඉදිරිපත් කරනවා. හැබැයි අපි අහන්න කැමති මේ ලාභ ලබනකොට මේ අවස්ථාවේ ලාභය පමණක් බලලා අපිට ඒ තීන්දුවක් ගන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රශ්න කරන්න වෙන්නේ. එක අවුරුද්දක් ලාභ ලැබුවද දීර්ඝකාලීනව ඒ ආයතන ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු කරන්න සිදුවෙලා තිබෙන්නේ. මේ IMF එකේ යම්කිසි මුදල් ප්‍රමාණයක් ආවත් ඒ මුදල් පැමිණිම විසඳුමක් නොවේ, ඒ විසඳුමට මාර්ගයක් පමණයි. ඒ විසඳුම තියෙන්නේ අපිත් එක්කයි. ඒ නිසා අපි යම්කිසි මට්ටමකට ආර්ථික ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ ආර්ථික ප්‍රතිසංස්කරණය කළේ නැත්නම් ආපහු ඒ ගමන තමයි අපිට යන්න වෙන්නේ. සමහර මිනිස්සු යම්කිසි අදහසක් ඉදිරිපත් කරනවා මේ ණය අරගෙන එයින් ගොඩඑන්න බෑ කියලා. අපි මේ අවස්ථාවේ ණය ගත්තේ නැතිනම් අපිට හුස්ම ගන්නවත් අවස්ථාවක්‍ නැති වෙනවා. අපි ඒ ණය අරගෙන ආර්ථික ප්‍රතිසංස්කරණය කරන්නේ. ඒ වගේම ඒ හරහා අපි අලුත් ආයෝජන ගෙන එන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම සමහර පිරිසක් කියනවා ණය අරගෙන තෙල් ටැංකි ටික හදන්නේ නැත්තේ ඇයි කියලා. දැන් ඔය තෙල් ටැංකි ටික අවුරුදු කියක් තිබුණද. මොකක්හරි කරන්න හදනකොට එකම පක්ෂ ටික මේ වගේ කෑ ගහන්නේ. අපි අපේ ආර්ථිකය යම්කිසි මට්ටමකට විවෘත්ත කරන්න ඕන. තරඟකාරි තත්වයක් අපි ඒ ආර්ථිකය තුළ ඇති කරන්න ඕන. ඒ වගේම අපිට ප්‍රාග්ධන නැත්නම් ඒ විදේශ ආයෝජකයෝ ගෙනල්ලා ඒ මුදල් ආයෝජනය කරන එකෙන් මම නරක දෙයක් හැටියට දකින්නේ නෑ. අපි හරි ආර්ථික කළමණාකරණයක් කරනවා නම්, අපි ඒ යම්කිසි විදිහට ලාභයක් ලබන හා production එකක් නැති ඒ ප්‍රාග්ධන තිබෙනවානම් ඒ සඳහා මුදල් ගෙනල්ලා, පිටරට ආයෝජකයෝ ගෙනල්ලා ඒ සඳහා ලාංකික ආයෝජකයෝ සම්බන්ධ කරගෙන තමයි අපි මේවා දියුණු කරන්න අවශ්‍යතාවය තිබෙන්නේ. ඒ පියවර මේ රජය ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අපි යම්කිසි මට්ටමකට අපිට එන වාසිය ගැන නොහිතා රටේ වාසිය ගැන කල්පනා කරන්න අවශ්‍ය වෙනවා. අද යම්කිසි මට්ටමකට ස්ථාවරභාවයක් ඇතිවෙලා තිබෙනවා. සංචාරක කර්මාන්තය යම්කිසි වර්ධනයක් තිබෙනවා. විදේශ ‍ශ්‍රමිකයන්ගෙන් සංචිත එන්න එන්න වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම අද විදේශ රැකියාවට යන ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා. එම නිසා ඉදිරියේදී අපිට තවත් සංචිත ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම රට පිළිබඳව විශ්වාසයක් ඇති වුනාම ආර්ථිකය පිළිබඳව යම්කිසි විශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙනවා. ඒ වගේම නිතිමය පදනමකුත් හදාගන්න අවශ්‍යතාවයකුත් තිබෙනවා මේ රටේ ඉදිරි වර්ධනයට. දූෂණ විරෝධි නිති අපි ඉක්මණින් පාර්ලිමේන්තුවට ගෙන්න වුවමනාව තිබෙනවා. අපි දූෂණය තුරන් කළොත් පමණයි අපේ ස්ථිර සංවර්ධනයකට යන්න පුළුවන් වෙන්නේ. මම විශ්වාස කරනවා මේ රජය ගෙන එන ප්‍රතිපත්ති එක්ක අපිට මේ වැඩ ටික කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ආර්ථික ප්‍රතිසංස්කරණය කරනවා වගේම දේශපාලන ප්‍රතිසංස්කරණත් කරන්න වෙනවා. අරගලය දිහා බැලුවාම යම්කිසි පිරිසක් ඒ පිරිසගේ අභිලාෂ ඉෂ්ට වෙන්නේ නැති නිසා තමයි හුඟක් පිරිසක් මේ අරගලයට එකතු වුණේ. ඉතින් මේවා වෙනස් කරන්න වුවමනාවක් තිබෙනවා. ඒ නිසා අපි දේශපාලන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන් ගෙන එන්න වුවමනාවක් තිබෙනවා. ” යැයි රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

අමානා ටකාෆුල් ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෙරට වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම බවට පත් වේ

Next Post

සුබසාධක දීමනා අයදුම්පත් ලක්ෂ 22කට අධික ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන්

editor

editor

Next Post

සුබසාධක දීමනා අයදුම්පත් ලක්ෂ 22කට අධික ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved