• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2027 වසරේ මාර්තු වනවිට කොළඹ වාරය නගරයේ අවන්හල් ඉවතට

15 September 2023
in දේශීය

කොළඹ වරාය නගරයේ ඉදිකොට තිබෙන අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබන අතර එසේ ඉදිකර ඇති අවන්හල් 2027 වර්ෂයේ මාර්තු මාසය වන විට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයින් පවසයි.

කොළඹ වරාය නගරය ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ඉලක්ක කර නිර්මාණය කර තිබියදී මෙවැනි අවන්හල් පිහිටුවීමේ නීත්‍යානුකූලභාවය කුමක්ද යන්න පිළිබඳව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යොමුකළ ප්‍රශ්න හමුවේ ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීහු මේ බව ප්‍රකාශ කළහ.

මේ පිළිබඳ සාකච්ජා කෙරුණේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී (අචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වය යටතේ, සැප්තැම්බර් 19 වැනිදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ඇති රෙගුලාසි සළකා බැලීම සඳහා 2023.09.12වැනි දින, පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කමිටුව විසින්,වරාය නගරයේ එවැනි අවන්හල් පිහිටුවීමට අවසරදීමට අදාල බලධාරීන් තීරණය කර ඇත්තේ කුමන නීතිමය පදනමක් මතද යන්න සහ 2027 වර්ෂය වන විට ඒවා ඉවත් කිරීමේ නෛතිකභාවය පිළිබඳවද කොමිසමේ සාමාජිකයින්ගෙන් වැඩිදුරටත් විමසා සිටියේය. එමෙන්ම කමිටුව මෙහිදී කොමිසමේ සාමාජිකයින්ගෙන් විමසා සිටියේ මෙම අවසර ලබාදීම සහ ඉවත්කිරීම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇත්දැයි යන්නයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන තොරතුරු හැකි ඉක්මනින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කමිටු සභාපතිවරයා කොළඹ වරාය නගරය ආර්ථික කොමිසමට සහ නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන ලදී.

වරාය නගරයේ සිදුකෙරෙන කටයුතුවලින් රජයට ලැබුණු ප්‍රතිලාභ පිළිබඳව කමිටුව වැඩිදුරටත් විමසා සිටියේය. ඒ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ඇති රෙගුලාසි සඳහා අනුමැතිය ලබා දීමට පෙර වරාය නගරය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ පිළිබඳ දත්ත සමග විස්තර ඉදිරිපත් කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

තවද ස්මා(ර්)ට් සිටි සංකල්පය යටතේ වෙනම භුමි ප්‍රදේශයක් ලෙස වරාය නගරය ඉදිකෙරෙන බැවින් අපජල කළමනාකරණය, පුනර්ජනනීය බලශක්තිය, විධිමත් මලාපවහන යාන්ත්‍රණයන් වැනි ස්මා(ර්)ට් නගර ඉදිකිරීමේදී භාවිතාවන සංකල්ප මත මෙම නගරයේ සංවර්ධන කටයුතු සිදුවනවාදැයි කමිටුව,කොමිෂන් සභාවේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කළේය. වරාය නගරය සංවර්ධනය කිරීමේදී රටේ අනෙකුත් ප්‍රදේශවල පවතින අවිධිමත් මලාපවහන සහ අපජල කළමනාකරණය සම්බන්ධයෙන් පවතින ගැටලු මගහරවා ගත යුතු බව කමිටුව විසින් අවධරණය කරන ලදී.

වරාය නගරය ඉදිකිරීම සහ සංවර්ධනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන විසින් සැලකිය යුතු මුදලක් වැය කර ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ සියලු මුදල් බදු ගෙවන්නන්ගේ මුදල් වන බැවින් රටේ බදු ගෙවන පුරවැසියන්ට මින් ලැබෙන ප්‍රතිලාභය කුමක්දැයි කමිටුව, කොමිසමෙන් ප්‍රශ්න කළේය.

ඒ අනුව, වරාය නගරය සහ යටිතල පහසුකම් සඳහා වන රජයේ වියදම් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන ලෙසත්, කොළඹ වරාය නගරයේ වැඩකටයුතු ආශ්‍රිත ආදායම් මාර්ග පිළිබඳ විස්තරද ඉදිරිපත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, කොමිෂන් සභාවේ සාමාජිකයින්ට උපදෙස් ලබාදුන්නේය.

රාජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතීඥ) චන්දිම වීරක්කොඩි, නිමල් ලාන්සා, (ආචාර්ය) මේජර් ගරු ප්‍රදීප් උඳුගොඩ, (නීතීඥ) ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, (නීතීඥ) ගරු මධුර විතානගේ, ගරු යූ. කේ සුමිත් උඩුකුඹුර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා අවස්ථාවට සහභාගි වූහ.

Post Views: 10
Previous Post

මාතලේ මදුරුවන් බෝවිම වැලැක්විමට දුමායන කටයුතු සිදු කෙරේ

Next Post

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස කොන්ත්‍රාත් පදනම මත දීර්ඝ කිරීමට පියවර

editor

editor

Next Post

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස කොන්ත්‍රාත් පදනම මත දීර්ඝ කිරීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved