27 April 2024
#දේශීය

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස කොන්ත්‍රාත් පදනම මත දීර්ඝ කිරීමට පියවර

රටේ ඇතිව තිබෙන සමස්ත බුද්ධිගලනයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයටද යම් බලපෑමක් සිදුව ඇති හෙයින් එයට තවත් විසඳුමක් ලෙස වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 කාලසීමාවට අමතරව ඔවුන්ගේ කැමැත්ත පරිදි තවත් වසර 02 ක් කොන්ත්‍රාත් පදනම මත ඔවුනට ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එය කැබිනට් මණ්ඩලයට දැනුම් දීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසිය.

සමස්ත රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ කාල සීමාව වයස අවුරුදු 60 වුවද, රටේ ඇතිව තිබෙන සමස්ත බුද්ධිගලනයත් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයට ද මුහුණ දීමට සිදුව තිබෙන යම් බලපෑම් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාල සීමාව මෙයට පෙර අවුරුදු 63 දක්වා දීර්ඝ කෙරිණි.

ඒ් අනුව එයට අමතරව ඉන් ඔබ්බට මෙලෙස ඔවුන්ගේ සේවාව කොන්ත්‍රාත් පදනම මත තවත් වසර 02 කට දීර්ඝ කිරීමට කටයුතු කෙරේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *