27 April 2024
#දේශීය

කැරොලයින් සහ චුලා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් – නඩුව 19 වනදා

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර යන අය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර බව පොලිසිය පවසයි.

ඒ පසුගිය ඉරිදා දින විවාහක රැ රැජින තරගයේදී තරඟ ජයග්‍රාහිකාව වන පුෂ්පිකාද සිල්වා මහත්මියට සුළු තුවාල සිදුකිරීම හා සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනා යටතේ ඔවුන් අත්අඩගුවට ගැනින.

එළැඹෙන 19 දා ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබෙන බවත් ඔවුන් පොලිස් ඇප මත නිදහස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *