ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වෙත පෞද්ගලික අංශයෙන් කොන්ත්‍රාත් පදනම මත ඉංජිනේරුවන් අනුයුක්ත කරගැනීමේ සූදානමක් පවතින බවත්, එය වහාම නතර කරන ලෙසත් ඉල්ලා විදුලිබල මණ්ඩලයේ අධිකාරීවරුන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. මණ්ඩලය තුළම අවශ්‍ය සුදුසුකම් සපුරාලූ පළපුරුදු නිලධාරීන් සිටියදී, බාහිර පෞද්ගලික සමාගමක් හරහා මෙලෙස පත්වීම් ලබාදීම අසාධාරණ මෙන්ම සැකකටයුතු බව එම සංගමය පෙන්වා දෙයි.
‘ශ්‍රී ලංකා එනජිස්’ නැමැති පෞද්ගලික ආයතනයක් මැදිහත් කරගනිමින් සිදුකෙරෙන මෙම බඳවා ගැනීම් නිසා මණ්ඩලයට විශාල අමතර මූල්‍ය බරක් පැටවෙන බවත්, එම පිරිස් තෝරාගැනීමේදී විනිවිධභාවයක් නොමැති බවත් ඔවුහු චෝදනා කරති. මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන නාස්තිකාර පිරිවැය අවසානයේදී විදුලි ගාස්තු සංශෝධන හරහා පොදු මහජනතාව මත පැටවීමට ඉඩ ඇති බවට ද එම සංගමය අනතුරු අඟවා සිටියි.














