මෙම වසරේ දෙවන කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය යටතේ ගාස්තු 13.56%කින් ඉහළ නැංවීමට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
අද (14) ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් අප්‍රේල් 01 වනදා සිට ජූනි 30 වනදා දක්වා වන කාලසීමාව සඳහා මෙම ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. පිරිවැය මත පදනම් වූ ගාස්තු සූත්‍රයට අනුව මෙම ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඉදිරියේදී මහජන අදහස් විමසීමක් සිදුකිරීමට නියමිත අතර, අවසන් තීරණය ඉන් අනතුරුව ප්‍රකාශයට පත් කරනු ඇත.














