• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සැමරුම් උළෙල ලබන 21 වන දා

7 January 2022
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 75ක් සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් සැමරුම් උළෙලක් ජනවාරි 21 වන දා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.

1947 ජනවාරි 21 කොළඹ කිංග්ස්ලි සිනමා ශාලාවේදී තිරගත වූ කඩවුණු පොරොන්දුව ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රථම කථානාද චිත්‍රපටයයි. ජේ. සිංහා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ එස්. එම්. නායගම් විසිනි. ප්‍රධාන නළු නිළියන් ලෙස බී.ඒ.ඩබිලිව්. ජයමාන්න සහ රුක්මනී දේවී රඟපෑමෙහි නිරත විය. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙහි රූගත කිරීම් ඉන්දියාවේදී සිදුකෙරිණි. දකුණු ඉන්දීය අධ්‍යක්ෂකවරයෙකු යටතේ නිර්මාණයවීමත් චිත්‍රපටයේ හඬකැවීම් සිදුකළේ ඉන්දීයානුවන් වීමත් හේතුවෙන් චිත්‍රපටය ඉන්දීය ආභාෂයක් ගෙන තිබුණි.
මෙතැන් සිට දශකයකට ආසන්න කාලයක් තිස්සේ නිර්මාණය වූ චිත්‍රපට සියල්ල ඉන්දීය අනුකරණයන් විය.

දේශීය සිනමාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේ 1956 වර්ෂයේදීය. ඒ ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ රේඛාව චිත්‍රපටයත් සමගය. රේඛාව චිත්‍රපටය චිත්‍රාගාරවලින් පරිබාහිරව මෙරට නිර්මාණය කරනු ලැබූ ප්‍රථම චිත්‍රපටය වන අතර ශ්‍රී ලාංකේය සිනමාවේ අනන්‍යතාවය ඒ හරහා පෙන්නුම් කළේය. පසුගිය කාලපරිච්ජේදය තුළ ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය විවිධ අදියරයන් යටතේ නව වෙනස්කම්වලට පාත්‍රවෙමින් 75 වන වියට පානගා තිබේ. මේ කාලය තුළ ප්‍රතිභාපූර්ණ කලාකරුවන් මෙන්ම කලාකෘති රාශියක්ද බිහිවිණි.

2022 ජනවාරි 21 වන දිනට යෙදී තිබෙන ලාංකේය සිනමාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රවි ප්‍රසාද් කලුපහන මහතා ප්‍රකාශ කළේය. එහි ප්‍රධාන වැඩසටහනක් ලෙස 2022 ජනවාරි මස 10 වනදා සිට 16 වනදා දක්වා තරංගනී සිනමා ශාලාවේදී චිත්‍රපට උළෙලක් පැවැත්වේ. ශ්‍රී ලාංකේය සිනමාවේ නව සංධිස්ථානයන් සනිටුහන් කළ චිත්‍රපට 07ක් මෙම උළෙලේදී ප්‍රදර්ශනය ‍කිරීමට නියමිතය. සිනමා උළෙල සිනමා රසිකයින් වෙනුවෙන් නොමිලයේ පැවැත්වෙන අතර චිත්‍රපට ප්‍රදර්ශනය සෑම දිනකම සවස 05.00ට ආරම්භ වේ.

ජනවාරි 10 – ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ “ගොළු හදවත”
ජනවාරි 11 – ආචාර්ය තිස්ස අබේසේකර මහතා අධ්‍යෂක්ෂණය කළ “විරාගය”
ජනවාරි 12 – වසන්ත ඔබේසේකර මහතා අධ්‍යක්ෂණය කළ “වල්මත්වූවෝ”
ජනවාරි 13 – එච්.ඩී. ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කළ “සිකුරුලියා”
ජනවාරි 14 – ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ “ගැහැණු ළමයි”
ජනවාරි 15 – ධර්මසිරි බණ්ඩාරනායක මහතා අධ්‍යක්ෂණය කළ “සුද්දිලාගේ කතාව”
ජනවාරි 16 – ධර්මසේන පතිරාජ මහතා අධ්‍යක්ෂණය කළ “බඹරු ඇවිත්” චිත්‍රපට 07 ප්‍රදර්ශනය ‍කෙරේ.

ජනවාරි 21 වන දා පැවැත්වෙන සැමරුම් උළෙලේදී ලාංකේය සිනමාවේ එදා මෙදාතුර ගමන් මග පිළිබඳ සමරු දේශනය සිනමාවේදී ජැක්සන් ඇන්තනී මහතා විසින් ද 50 වසරක ජාතික චිත්‍රපට සංස්ථාවේ ගමන් මඟ පිළිබඳ දේශනය ප්‍රවීණ රංගනවේදී විජයරත්න වරකාගොඩ මහතා විසින් ද පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 75ක් සපිරීම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දර දෙකක් නිකුත් කිරීම ද එදින සිදුකෙරේ.

ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී කලාකරුවෙකු ඇගයීමට ද ජාතික චිත්‍රපට සංස්ථාව පියවර ගෙන තිබේ. ජගත් අවධානයට සම්ප්‍රාප්ත වූ ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්තී උපාධියෙන් පිදුම් ලැබූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය ඒ සඳහා තෝරාගෙන ඇත. ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්පීන් 25කට විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම, ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා නිර්මාණ ඉදිරිපත් කර ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇති නවක සිනමාකරුවන් ඇගයීම, එම ඩිප්ලෝමා පාඨමාලාව උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් ලෙස යාවත්කාලීන කිරීම, සිනමා අධ්‍යයනය ප්‍රවර්ධනය උදෙසා චිත්‍රපට තිර රචනය, සිනමා රංගනය, කැමරාකරණය පිළිබඳ අතිරේක පාඨමාලා ආරම්භ කිරීම ආදී කාර්යයන් ද ජාතික චිත්‍රපට සංස්ථාව සැලසුම් කර තිබේ.

සැමරුම් උළෙලට සමගාමීව සිනමා ග්‍රන්ථ කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය. ඒ අනුව “චිත්‍රපට” සඟරාවේ පිටු 100 කින් යුත් විශේෂ කලාපයක් එළි දැක්වීම, කතිකාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි මහතා විසින් රචිත “පශ්චාත් නූතන සිනමාව” ග්‍රන්ථය සහ ආතර් යූ අමරසේන මහතා විසින් රචිත “සිංහලයේ මහා සිනමා වංශය” (2 වන කාණ්ඩය) එළිදැක්වීම ද සිදු කෙරෙන අතර “සිනමාව පිළිබඳ විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහය” ද එළි දැක්වීමට නියමිතය.

Post Views: 6
Previous Post

පාස්කු ප්‍රහාරයේ නඩුවෙන් මෛත්‍රිව නිදහස් නොකෙරේ

Next Post

INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ වර්ධනය තහවුරු කිරීමට මූලිකත්වය ගනී

editor

editor

Next Post

INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ වර්ධනය තහවුරු කිරීමට මූලිකත්වය ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved