ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයද සම්පුර්ණයෙන් ඉවත්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පස්වරුවේ කොළඹදී මාධ්‍ය අමතමිනි.
වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් හෙතෙම පැවසිය.
ඒ් මහතා පැවසුවේ රට වර්තමාන අගාධයට ඇද දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයද වගකිව යුතු බැවින් මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් අළුතින් පත්කරන තුරු මෙම විශ්වාසය යළි ගොඩනැගිය නොහැකි බවයි.
මේසා විනාශයක් වී තිබියදීත් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ සැබෑ වුවමනාවක් නොපෙනෙන බවත් එවැනි වුවමනාවක් තිබේ නම් ඒ වෙනුවෙන් සකස්කළ ලිපිය පෙන්වන ලෙසත් මෙහිදී මන්ත්‍රීවරයා අභියෝග කළේය.
එසේම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ වහාම සකස් කරන ලෙසත් එයින් ගසා නොකන ලෙසත් මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි නොකර මෙම ගැටලු වලට පිළිතුරු සෙවිය නොහැකි බවත් කිසිවෙකුත් සෘණ පොලියක් ලබාගැනීමට කැමති නොවන බවයි.