• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රට විවෘත වු පසු සංචාරකයින් වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ව්‍යාපෘති රැසක්

25 September 2021
in සංවර්ධන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ නව පියවරක් සනිටුහන් කරමින් ස්ථාන රැසක් සංරක්ෂණයට සහ සංවර්ධනයට පියවර ගෙන ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ කොවිඩ් උවදුර පහව ගොස් රට විවෘත වූ පසු ලංකාවට එන සංචාරකයින් වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සූදානම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී ගුණවර්ධන මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරයට පෙර සංචාරක කර්මාන්තයෙන් දිනකට රුපියල් මිලියන 10 ත් 22 අතර ආදායමක් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබු බවත් පාස්කු ප්‍රහාරයෙන් පසු සහ කොවිඩ් වසංගතය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටීමෙන් ආදායම අඩු වු බවයි.

සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථාන රැසක් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පවතීන අතර කොව්ඩ් උවදුර පහව ගොස් නැවත රට යථා තත්ත්වයට පත්වීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් එම ස්ථාන සංරක්ෂණය සහ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව හෙතෙම පැවසිය.

අම්පාර දිස්ත්‍රික්කයේ මඟුල් මඩු විහාරය සංවර්ධනය සහ නැගෙනහිර සහ දකුණු මුහුදු තීරයේ දියයට කිමිදී ශ්‍රී ලංකාවේ උරුමයන් දැක ගැනීමට හැකි කිමිදුම් ව්‍යාපෘතිය ඒ අතර සුවිශේෂ බව ලේකම්වරයා පැවසීය.

එම මාධ්‍ය හමුවට එක් වු මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා කියා සිටියේ බුදුරුවගල ඵෙතිහාසික පිළිරුව නැරඹීම සඳහා පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන් වෙනුවෙන් ද්විත්ව ගමන් මාර්ගයක් සකස් කර ඇති බවයි.

ප්‍රදේශයේ සුන්දරත්වය වඩාත් හොඳින් නැරඹීමට හැකි පරිදි බුදුරුවගල වැව හරහා බෝට්ටු මගින් බුදුරුවගල පූජා භූමියට පිවිසීමේ සංවර්ධනය ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

ත්‍රිකුණාමලය ආරක්ෂක බල කොටුවේ පිහිටා ඇති රහස් දොරටුව ඔස්සේ ගමන් කර බල කොටුවේ සුන්දරත්වය නැරඹීමට සංචාරකයින්ට අවස්ථාව සැලසීමේ ව්‍යාපෘතියක් ද සිවිල් ආරක්ෂක බලකාය සහ යුද හමුදාවේ සහයෝගය ඇතිව ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. අලවල ප්‍රාග් ඵෙතිහාසික ස්ථාන සංරක්ෂණය කටයුතු ද දැන් ආරම්භ කර ඇතැයි රණසිංහ මහතා පැවසීය.

ලෝක උරුමයන් වන අනුරාධපුරය සහ පොලොන්නරුව අතර පිහිටි රිටිගල පුරාවිද්‍ය භූමිය ලෝක උරුමයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස් කරමින් පවතින බවත් නුදුරේදීම එම ලිපි ලේඛන ලෝක උරුමයක් බවට පත්කිරීම සඳහා ඉදිරිපත් කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

 

 

 

 

Central Cultural Fund ready with more attractions for tourists arriving after country re Several Projects – opens

Measures have been taken to conserve and develop several places of tourist interest with the intention of promoting tourism in the country, Secretary of the Buddhasasana, Religion and Cultural Affairs Ministry Professor Kapila Gunawardana said.

Professor Gunawardana was speaking at the media briefing organized by Department of Government Information to inform the general public of the preparedness by the Central Cultural Fund for the tourists expected to visit the country after the pandemic diminishes and the lockdown is lifted. The briefing was held at the Government’s Auditorium yesterday (24).

The Central Cultural Fund earned an income between Rs.10 million to 22 million daily before the Easter Sunday attack. The income reduced drastically after the Easter Sunday attack and the COVID-19 outbreak.

Several places of tourist interest are controlled by the Central Cultural Fund. Plans are afoot to conserve and develop such places so as to attract more tourism after the pandemic dies down and the country returns to normal. The Secretary said the development of Magulmadu Viharaya in the Ampara District, and the Diving Project along the Eastern and Southern sea belt will be of innence interest to enable tourists to visit the heritage of Sri Lanka are specific among the projects.

Director-General of the Central Cultural Fund Professor Gamini Ranasinghe joining the discussion said a two-way road has been built for local and foreign visitors to the historical statue at Buduruwagala.  He said that a development project will be launched to reach the Buduruwagala Sacred site by boat across the Buduruwagala tank. This will facilitate the visitors to enjoy the natural beauty of the surroundings.

In addition, plans are afoot to begin another project to enable visitors to pass through the Secret Door of the Fort Fredrick in Trincomalee and enjoy its beauty inside. Civil Defence Force and Sri Lanka Army will assist in implementing this project. At the same time, conservation of pre-historic sites at Alawala has also been started, Professor Ranasinghe said.

The Director-General further stated that the required documents to obtain World Heritage status for the Ritigala Archaeological site are now being prepared, and they will be submitted to the relevant authorities very soon. Historical Ritigala is situated between World Heritage cities Anuradhapura and Polonnaruwa.

Addressing the media briefing, Media Director of the Central Cultural Fund Lalith Udesha Madhubahnu said a program to sell books at discount prices has been launched on the sidelines of the Literature Month of September. Under this program, a number of books written on the subjects of history, archaeology and architecture are sold online at concessionary prices. Simultaneously, a galore of books on research, children’s books, translations, guidebooks, maps, pictures, postcards, posters, and books written in Sinhala and English on history and archaeology are among them.

In addition, replicas manufactured by National Replica Center at Bataleeya and various artful creations could be bought online. They can be ordered through the official website of the Central Cultural Fund or dialing 0774874081 and 0710581723 or Whatsapp. Arrangements have been made to deliver the items to the doorstep within four weekdays.   

Post Views: 7
Previous Post

සීමාවන් සහිතව පළමුවෙනිදා රට විවෘත කිරීමට සූදානම් – ඇමැති කෙහෙලිය

Next Post

රත්තොටින් එලැඹෙන අයවැයට යෝජනා භාර ගැනේ

editor

editor

Next Post

රත්තොටින් එලැඹෙන අයවැයට යෝජනා භාර ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved