27 April 2024
#දේශීය

රත්තොටින් එලැඹෙන අයවැයට යෝජනා භාර ගැනේ

රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 2022 අයවැය යෝජනා යටතේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමෙන් යෝජනා ලබා ගැනීමේ රැස්වීම් මේ දිනවල ක්‍රියාත්මක වේ.

රත්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ,පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක ,සම්බන්ධීකරණ කමිටුවේ නියෝජ්‍ය සභාපති සමන්ත ධර්මසේන යන මහත්වරුන් ඇතුළු කොට්ඨාශ භාර දේශපාලන නියෝජිතයින් සම්බන්ධ කරගනිමින් මෙම යෝජනා ලබා ගැනීම සිදු කෙරේ.

සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් වසමට අනුයුක්ත සියලුම නිලධාරීන් සහ ග්‍රාමීය ප්‍රජා නායකයන් පමණක් මේ සඳහා සම්බන්ධ කරගනී.

රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතාගේ පූර්ණ උපදෙස් මත වසමභාර සංවර්ධන නිලධාරි මෙම යෝජනා ලබා ගැනීමේ කැඳවුම්කරු ලෙස ක්‍රියා කරයි.

 

 

 

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *