• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස චමරි අතපත්තු පත්කෙරේ

15 August 2023
in ව්‍යාපාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ රන් ණය පදනම් කරගත් මූල්‍ය සේවා සමාගම් අතර ප්‍රමුඛතම සමාගමක් වන ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC) සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස, ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු නම්කර තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවක වන අතර, ඇය සතු විශිෂ්ට කුසලතා සහ නායකත්ව ගුණාංග ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ වටිනාකම් සමග මැනැවින් ගැළපේ.

පසුගිය කාලය තුළ අභියෝගකාරී ආර්ථික තත්ත්වයන් හමුවේ පවා විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම සමත් විය. එම ශක්තියේ හා විශිෂ්ටත්වයේ තවත් ඉදිරි පියවරක් වශයෙන් මෙලෙස චමරි අතපත්තු සිය සන්නාම තානාපතිනිය ලෙස පත්කිරීමට සමාගම පියවර ගෙන ඇති අතර, මෙය දෙපාර්ශ්වයටම සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත. එමෙන්ම මෙම හවුල්කාරීත්වය, නව්‍ය මූල්‍ය විසඳුම් හරහා කාන්තාවන් ඇතුළුව, සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන් සවිබල ගැන්වීම සඳහා ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමගම දරන උත්සාහයද මැනැවින් සංකේතවත් කරයි.

“චමරි අතපත්තු මෙනෙවිය ඒෂියා ඇසට් ෆිනෑන්ස් පවුල වෙත සාදරයෙන් පිළිගන්නවා. ක්‍රිකට් ක්‍රීඩිකාවක ලෙස ඇය අත්කරගෙන ඇති සාර්ථකත්වය සහ, ජනතාවගේ යහපත වෙනුවෙන් ඇය පෙන්නුම් කරන කැපවීම, අප අගය කරන වටිනාකම්වලට බෙහෙවින් සමීපයි. ක්‍රමයෙන් විකාශනය වන මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව ඉදිරියට යන අතරතුර, චමරි අතපත්තු සමග අප ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, ප්‍රගතිය සහ සේවා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් අප දරන ආකල්ප තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණවර්ධන මහතා පැවසී ය.

“දශක 5 කට වැඩි කාලයක් තිස්සේ ජනතාවට සේවය කරමින් සිටින ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම මට මහත් සතුටක්. සෑම තරාතිරමකටම අයත් පුද්ගලයන්ට ඵලදායී මූල්‍ය සේවාවන් ලබාදීමට ඔවුන් දරන උත්සාහය හා කැපවීම මා සැබැවින්ම විශ්වාස කරනවා.” චමරි අතපත්තු මෙනෙවිය පැවසුවා ය.

ඉදිරියේදී ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම තම සේවාවන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සහ මූල්‍යමය වශයෙන් වගකීම්සහගත ලෙස කටයුතු කිරීමට ඔවුන් යොමුකරවීම සඳහා අලෙවිකරණ සහ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති අතර, සමාගමේ නව සන්නාම තානාපතිනිය ලෙස චමරි අතපත්තු එම වැඩසටහන් තුළ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරනු ඇත.

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති, බැංකු නොවන මූල්‍ය ආයතනයක් සහ බලපත්‍රලාභී මුල්‍ය සමාගමකි. 1970 වසරේදී රන් ණය සේවාවන් මූලික කරගෙන, තැන්පතුකරුවන්ට සහ ණය ලබාගන්නන්ට සේවය සැලසීමේ අරමුණින් එය ආරම්භ කරන ලදි. ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මේ වනවිට රන් ණය, ස්ථාවර තැන්පතු, ලීසිං, උකස් සේවාවන් සහ Asia Asset Finance App (LUCKEWALLET) ඔස්සේ ලබාදෙන ඩිජිටල් මූල්‍ය සේවාවන් ඇතුළුව පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් රාශියක් පිරිනමයි. ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය, ලොව පුරා රු, ට්‍රිලියන 2.54 කට අධික වත්කම් සහිත, ඉන්දියාව පදනම් කරගත් දැවැන්ත ජාත්‍යන්තර මූල්‍ය සමාගමක් වන මුතූට් ෆිනෑන්ස් (Muthoot Finance) සමාගම සතු ය.

 

පිටපත – PR

Post Views: 13
Previous Post

වසර 10 කට පෙර ඉදිකල තඹුත්ගේම සති පොළ විනාශ වෙලා – ප්‍රදේශවාසින්ගෙන් චෝදනා

Next Post

13 ගැන නෙමෙයි ආර්ථික සංවර්ධනය ගැන අවධානය යොමු කල යුතුයි – මන්ත්‍රී එස්.බී

editor

editor

Next Post

13 ගැන නෙමෙයි ආර්ථික සංවර්ධනය ගැන අවධානය යොමු කල යුතුයි - මන්ත්‍රී එස්.බී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved