චැනල් 4 නාළිකාව විකාශය කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වීඩියෝ පටයේ රජයේ ඉහළ නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා කවුරුන් ද යන්න සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කරන්න යැයි තමා රජයට අභියෝග කරන බව පිවිතුරු හෙළ උරුමේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
පාස්කු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව විකාශය කළ වීඩියෝ පටය පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු විනිසුරු එස්.අයි. ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව ජනගත කරමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
ඒ, අද (ඔක්. 28) පිවිතුරු හෙළ උරුමේ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
රජයේ ඉහළ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් චැනල් 4 නාළිකාවට විකාශය කළ වීඩියෝ පටයේ බුද්ධි අංශවලට සහ යුද්ධ හමුදා නිලධාරීන්ට චෝදනා කරමින් අදහස් පළ කළ පුද්ගලයා මේ මොහොත වනවිට රජයේ ඉහළ තනතුරක් දරනවා නම් ඔහු සිදු කළ දේශද්‍රෝහිත්වයට දඬුවම් කරන්නැයි ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල රජයෙන් ඉල්ලීමක් කළේ ය.
තමන් හෙළිදරව් කරන කරුණු සම්බන්ධයෙන් මඩ ගැසීමට කටයුතු නොකර ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.
ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, මහජන මුදලින් සැකසු වාර්තා මහ ජනතාවට දැන ගැනීමේ ශුද්ධ වූ අයිතිය වෙනුවෙන් තමන් පෙනී සිටින බව ය.
[mawbima]