ගෝලිය වසංගතය හේතු කොටගෙන ලෝකයේ රටවල් සහ පාසැල් වසා දැමූ අතර ඒ නිසා විශාල ලෙස දරුවෝ මානසික ආතයකින් පෙලීම තුළින් සියදිවිනසා ගැනීම්වලට යොමු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී.දිසානායක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (17) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.
එවැනි අනතුරුවලින් දරුවන් ගලවා ගැනීමට නම් පාසැල් නැවතත් ආරම්භ කළයුතු බවත් රට සහ පාසැල් නැවතත් වසා දැමීමට ක්‍රියාකාරි වන පිරිසට ඉඩ නොදිය යුතු බව හෙතෙම පැවසිය.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී.දිසානායක මහතා ” මේ විපක්ෂය අපේ රටේ ආණ්ඩුවට, ජනතාවට ඇහුම්කන් දෙන්නේ නෑ වගේම ලෝකයටම ඇහුම් කන් දෙන්නේ නෑ. පහුගිය කාලය තුළ මේ ලෝකයම වසා දැමී නිසා විශේෂයෙන්ම පාසැල් වසා දැමීම නිසා ලෝකයේ සියදිවිහානි කර ගැනීම් 16 වෙනි තැන සිට 04 වෙනි තැනට ඇවිල්ලා තිබෙනවා. ඒ සියදිවිහානි කර ගැනීම් වලින් 80% ක් ම සිටින්නේ පාසැල් දරුවෝයි. කැනඩාවේ ඩකාරා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සම්භාවනිය මහාචාර්යවරයෙක් වන මිචෙල් චොස්ඩොව්ස්කි පිටු 60 ක විශේෂ ප්‍රකාශයක් කරලා තිබෙනවා. එතුමා එහි කියන්නේ මොන ප්‍රශ්න ආවත් ලෝකයේ රටවල්, පාසැල් වහන තැනට තල්ලු කරන්න එපා කියලා. මම විපක්ෂ නායකතුමාට සහ ජනතා විමුක්ති පෙරමුණට කියනවා කරුණාකරලා ඒ ප්‍රකාශය කියවලා බලන්න කියලා. මේ දරුවන්ට ඇතිවෙන මානසික ආතතිය නිසා මේ දරුවෝ සියදිවිහානි කරගැනීම් තත්වය ඉතාමත් වේගයෙන් වැඩි. බොහෝම අමාරුවෙන් නැවත පාසැල් ටික ලබන සදුදා ආරම්භ කරන්න සූදානම් වෙලා සිටිනවා. ඒ නිසා මේ රටවල් වහන තත්වයට කටයුතු කරන අපරාධය කරන්න එපා. මේ දරුවන්ගේ මානසිකත්වය විකෘතිවෙලා තිබෙන්නේ. අපි හැම දෙයක්ම කරන්නේ හොඳම දේ දරුවන්ට දෙන්නයි. මේ සැරේ අයවැය අපි ගෙනාවේ රටේ ආදායම් බිංදුවට වැටිලා තිබෙන, විදේශ සංචිතය බිංදුවට වැටිලා තිබෙන, රට විශාල කාලයක් වහාලා දාලා ආර්ථික වශයෙන් මහා පරිහානියකට වැටිලා තිබෙන වෙලාවක තමයි අපි මේ අයවැය ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මේ අයවැයේදී රාජ්‍ය වියදම් කළමනාකරණය , රාජ්‍ය ව්‍යාපාර කාර්යක්ෂමතාව, ඉතිරිකිරීම් සඳහා ජනතාව උනන්දු කිරීම්,සමෘද්ධි ව්‍යාපාරය මේ රටේ සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කිරීමට අයවැයින් අවධානය යොමු කරලා තිබෙනවා. නිෂ්පාදන ආර්ථිකය සඳහා දැවැන්ත මුදලක් වෙන් කරලා තිබෙනවා. මේ රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ගත්ත තීන්දු ඉතාමත් බුද්ධිමත්. ඒකෙන් රටේ අඩු ආදායම්ලාභීයාහට අතමිට සරුවෙනවා වගේම රටේ ආර්ථිකයත් සරු වෙනවා. ඒ වගේම විදේශවිනිමය හොයා ගන්නත් මෙයින් පුළුවන් වෙනවා. ”යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.