27 April 2024
#දේශීය

මෛත්‍රි එක්ක වුණත් ඉස්සරහාට යනවා… ආණ්ඩුව ගෙදර යනකම් විරෝධතා පවත්වනවා – මන්ත්‍රී රාජිත‍

ආණ්ඩුවට එරෙහිව පසුගිය 16 වනදා පැවැති පෙළපාලි මාලාව ඉදිරියටත් කරගෙන යන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව Flexicare Lanka විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. රාජිත මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී මෙම ආයතනයේ ආරම්භ කිරීමට සහය ලබා දී ඇත.

එහිදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් විමසා සිටියේ ඉදිරියට ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරනවාද යන්න… එහිදී රාජිත මන්ත්‍රීවරයා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව ගෙන යන තෙක් දැවැන්ත උද්ඝෝෂණ සංවිධානය කරන බවයි. එසේම හිටපු ජනාධීපතිවරයා සමඟ වුවද ඉදිරි ගමනක් යාමට අවශ්‍යනම් එයට සුදානම් බව ද හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *