ඉරානයට එරෙහිව ඇමෙරිකාව පනවා ඇති නාවික අවහිරතාවයට (Naval Blockade) සෘජු පිළිතුරක් ලබා දෙමින් චීන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් ඩොං ජුන් (Admiral Dong Jun) විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. ඉරානය සමඟ පවතින වෙළඳ සහ බලශක්ති ගිවිසුම්වලට බාධා කිරීමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැති බවත්, හෝමුස් සමුද්‍ර සන්ධිය චීන නෞකා සඳහා සැමවිටම විවෘතව පවතින බවත් ඔහු අවධාරණය කළේය.
ඇමෙරිකාව පනවා ඇති සීමා කිරීම් නොතකා ඉරානයෙන් තෙල් මිලදී ගැනීම සහ සිය ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් චීනය පෙනී සිටින බව මෙම ප්‍රකාශය හරහා පැහැදිලි වේ. හෝමුස් සමුද්‍ර සන්ධිය ඇමෙරිකාවට අයත් මුහුදු කලාපයක් නොවන බවත්, තම රටේ අවශ්‍යතා වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බවත් පවසමින් චීනය ඇමෙරිකාව වෙත දැඩි පණිවිඩයක් නිකුත් කර ඇත.
ලෝක බලවතුන් අතර පවතින මෙම ගැටුම්කාරී ස්වභාවය, ලෝකය ඒක-ධ්‍රැවීය පාලනයකින් මිදී බහු-ධ්‍රැවීය (Multipolar world) බල කේන්ද්‍රස්ථාන කරා ගමන් කරන ආකාරය මැනවින් විදහා දක්වන්නකි. චීනයේ මෙම නොසැලෙන ස්ථාවරය මැදපෙරදිග කලාපයේ පවතින නාවික අර්බුදය තවදුරටත් තීරණාත්මක මාවතකට යොමු කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: new direction(x) ඇසුරින්














