• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

චීනයෙන් මෙරට කෘෂිකර්මාන්ත වෙනුවෙන් ඩිසල් නොමිලේ පරිත්‍යාග කරයි

8 January 2023
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් හෙට (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හැරීම සිදු කරන බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.

එයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි චීන රජය විසින් ඩීසල් ලීටර් මිලියන 10.06ක් මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව මුහුණ දී සිටින ආර්ථික අපහසුතා සැළකිල්ලට ගනිමින් නොමිලයේ පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සදහා ඩීසල් ලීටර් මිලියන 6.98ක් ලබා දුන් අතර ඉතීරි ප්‍රමාණය ධීවර කටයුතු සඳහා යොදවනු ලැබීය.

එම ඉන්ධන තොගය ලැබෙන විටත් මෙරට ගොවි ජනතාව වගා කටයුතු අවසන් කර තිබු බැවින් එම ඉන්ධන තොගය වී අස්වනු නෙළන අවස්ථාවේ දී නොමිලයේ ම ලබා දීමට කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම ජනවාරි මාසය අවසන් වන විට අප රටේ ඇතැම් ප්‍රදේශ වී අස්වනු නෙලීම ආරම්භ වන බැවින් එම ඉන්ධන තොගය වී වගා කරන ගොවි ජනතාව වෙත නොමිලයේ බෙදා හැරීම් කටයුතු හෙට (09) සිට ආරම්භ කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇති බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි.

මෙම ඉන්ධන තොගය එක් එක් ගොවීන්ට විශේෂ වවුචරයක් මගින් ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට සැළසුම් කර ඇති අතර එකී වවුචර පත නිල වශයෙන් නිකුත් කිරීම හෙට දින (09) පෙරවරු 11.00 කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී සිදු කෙරේ.

මෙම වැඩ පිළිවෙළ යටතේ අක්කර බාගයේ සිට හෙක්ටෙයාර් 02 දක්වා වී වගා කරන ගොවීන්ට අස්වනු නෙලීම සඳහා නොමිලයේ ඉන්ධන ලබා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් හා හෙක්ටෙයාර් 02ක් සඳහා ඩීසල් ලීටර් 30ක් ද වශයෙන් ලබා දීමට කටයුතු යොදා තිබේ.

මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙත සහන සැලසීම සදහා රජය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩ පිළිවෙළ යටතේ රජය මෙන්ම ජාත්‍යන්තරයෙන් ලද සහනාධාර ද ඇතුළත්ව හෙක්ටෙයාර් 01ක් වගා කරන ගොවියෙකුට දී රුපියල් ලක්ෂ එකහමාරක පමණ සහනාධාර ප්‍රමාණයක් රජයේ මැදිහත්වීම යටතේ ලබා දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Post Views: 1
Previous Post

මාතලේ කරාබු නැටි ගොවින්ගේ අතමිට සරු වෙයි

Next Post

දේශීය රබර් ගොවියා සුරැකේ … අපනයනය ඉහළට – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

editor

editor

Next Post

දේශීය රබර් ගොවියා සුරැකේ ... අපනයනය ඉහළට - රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved