27 April 2024
#සංවර්ධන

මාතලේ කරාබු නැටි ගොවින්ගේ අතමිට සරු වෙයි

අපනයන බෝගයක් වන කරාබු නැටි අස්වැන්න මෙවර විශාල ලෙස ඇති බවත් මාතලේ ගොවින් ට ඒ සදහා නිසි මිලක් ලැබෙන බව කරාබු ගොවින්ගේ අතමිට සරුවි ඇති බවද ගොවින් පවසයි.

මේ වන විට අමු කරාබු නැටි කිලෝ එකක් රුපියල් 850ක් 900ත් අතර මිලක් ලැබෙන අතර වියළි කරාබු කිලෝ එකක් සදහා රුපියල් තුන්දහසකට වැඩි මුදලක් ලැබෙන බවද ගොවිහු කියයි.

නමුත් කරාබු අස්වැන්න නෙලිම සදහා කම්කරුවන් සොයා ගැනිමේ දුෂ්කරතාවටන්ට තමන් පත්ව ඇති බවත් නිසි කලට අස්වැන්න නෙලිම් සිදු කිරිම නොකළහොත් පලක් නොමැති බවද ඔවුන් කියයි.

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල,ඕවිලිකන්ද,යටවත්ත ,අඹන්ගගකෝරලය,රත්තොට ,ආදි ප්‍රදේශවල වැඩි වශයෙන් කරාබු වගා කර තිබේ.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *