චීන වසන්ත උත්සව සමය තුළ එරට අධිවේගී මාර්ග පද්ධතිය ආශ්‍රිතව විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානවල සේවාවන් පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ. පෙබරවාරි 02 වනදා සිට 14 වනදා දක්වා වූ කාලය තුළ පමණක් අධිවේගී මාර්ගවල විදුලි වාහන ආරෝපණ පරිමාව කිලෝවොට් පැය මිලියන 68.5576ක් (68.5576 million kWh) දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙම වර්ධනය මගින් චීනය සාම්ප්‍රදායික ඉන්ධන බලශක්තියෙන් බැහැරව නව බලශක්ති විසඳුම් කරා වේගයෙන් ගමන් කරන ආකාරය මැනවින් පිළිඹිබු කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. නව තාක්ෂණික නවෝත්පාදනයන් සහ යටිතල පහසුකම් පුළුල් කිරීම හේතුවෙන් උත්සව සමයේ අධික රථවාහන තදබදය මධ්‍යයේ වුවද සාර්ථකව මෙම සේවාවන් සැපයීමට එරට බලධාරීන් සමත් වී ඇත.














