චීන පොහොර නෞකාව කිසිදු හේතුවක් මත රට තුළට ඇතුළු කර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙම නැව තුල ඇති පොහොර කිසිදු ආකාරයකට පරික්ෂා කිරීමක් සිදු නොකරන බවයි.
එසේම ඒ සඳහා ගෙවීමක් කරන්නේත් නොමැති බව ද හෙතෙම පැවසිය.
එසේම ගිවිසුමට අනුව එම නැව යළි රටට ගොස් පරික්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසුව එම පොහොර ගෙන්නා බවයි.