තරබාරුකම (Obesity) පාලනය කිරීම සඳහා Wegovy සහ Mounjaro වැනි බර අඩු කරන එන්නත් සහ ඖෂධ මතම යැපීම වෛද්‍ය විද්‍යාත්මක මෙන්ම සමාජීය වශයෙන් ද විශාල අසාර්ථක වීමක් වනු ඇති බව එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ශ්‍රීමත් ක්‍රිස් විට්ටි පවසයි. මෙම ඖෂධ ඉතා අත්‍යවශ්‍යම වන සුළු පිරිසකට පමණක් භාවිත කිරීම උචිත වුවද, සමස්ත ජනතාවම මේ සඳහා යොමු කිරීම වැරදි පූර්වාදර්ශයක් බව ඔහු අවධාරණය කරයි.
මිනිසුන්ට තරබාරු වීමට ඉඩ හැර, පසුව ඔවුන්ට ජීවිත කාලය පුරාම ඖෂධ ලබා දීම “කම්පනයට කරුණක්” මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට ලබා දෙන වැරදි පිළිතුරක් බව ඔහු පෙන්වා දෙයි. බ්‍රිතාන්‍යය වැනි රටවල් මේ සම්බන්ධයෙන් ප්‍රංශය වැනි අනෙකුත් රටවලින් ආදර්ශ ලබා ගත යුතු බවත්, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවන් ප්‍රවර්ධනය කිරීම සහ තරබාරුකම කල්තියා වළක්වා ගැනීම (Prevention) කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුව හමුවේ වුවද, ස්වභාවික සෞඛ්‍ය සම්න්න ජීවන රටාවක් පවත්වා ගැනීම තරම් සාර්ථක විසඳුමක් නොමැති බව මහාචාර්ය විට්ටිගේ මෙම ප්‍රකාශයෙන් නැවතත් තහවුරු වේ.














