ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ (City of Dreams Sri Lanka), මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් කාන්තා නියෝජනය සහ නායකත්වය පිළිබඳ සිය කැපවීම ප්‍රකාශ කර සිටියි. සුඛෝපභෝගී ආගන්තුක සත්කාරය, විනෝදාස්වාදය සහ මූල්‍ය මෙහෙයුම් එක්තැන් කරන මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිටුපස සිටින ප්‍රධානතම ශක්තිය වන්නේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කාන්තාවන්ය.
සාම්ප්‍රදායික ආගන්තුක සත්කාරක සේවා භූමිකාවන්ගෙන් ඔබ්බට යමින්, නිරීක්ෂණ අංශය (Surveillance), සූදු මෙහෙයුම් (Gaming Operations), තොරතුරු ආරක්ෂණය (Information Security) සහ ආරක්ෂක කළමනාකරණය වැනි ඉහළ තාක්ෂණික හා වගකීම් සහිත අංශයන්හි කාන්තාවන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීම මෙහි විශේෂත්වයකි. විශ්ලේෂණාත්මක චින්තනය සහ තීරණාත්මක නායකත්වය අවශ්‍ය වන මෙම අංශ හරහා ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය අවස්ථා උදා වී තිබේ.
සමාන රැකියා අවස්ථා, විධිමත් මගපෙන්වීම්, නායකත්ව පුහුණු වැඩසටහන් සහ ශක්තිමත් මාතෘත්ව සහාය ප්‍රතිපත්ති හරහා සිටි ඔෆ් ඩ්‍රීම්ස් ආයතනය සිය සේවිකාවන් සබල ගැන්වීමට කටයුතු කරයි. “අපගේ සංස්කෘතිය තුළ අවස්ථාවන් තීරණය වන්නේ දක්ෂතාවය සහ ක්‍රියාකාරිත්වය මතයි,” යනුවෙන් සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා හි උප සභාපති සහ සාමාන්‍ය අධිකාරී මයිකල් හබාෂි (Michael Habashi) මහතා පවසයි.
ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක ගමනාන්තයක් ලෙස ශක්තිමත් වන මොහොතක, මෙවැනි ඇතුළත් කරගත් සහ ඉහළ කාර්යසාධනයක් සහිත සේවා පරිසරයන් නිර්මාණය කිරීම දිගුකාලීන වර්ධනයට අත්‍යවශ්‍ය වේ. මෙම ජාත්‍යන්තර කාන්තා දිනයේදී, සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කරන්නේ තම ව්‍යාපාරික දැක්ම සාර්ථක කර ගැනීමට දායක වන කාන්තාවන්ගේ ප්‍රත්‍යස්ථභාවය සහ විශිෂ්ටත්වය මෙම ඒකාබද්ධ නිවාඩු නිකේතනයේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකය වන බවයි.














