• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

20 වන සංශෝධනය වහාම අහෝසි කරන්නැයි සිවිල් හා බහුජන සංවිධාන ඉල්ලයි

9 June 2022
in දේශීය

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දුන් ව්‍යසනයට සම්පූර්ණයෙන් හේතු වූයේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලවත් කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය බැවින් එම සංශෝධනය වහාම අහෝසි කරන්නැයි සිවිල් හා බහුජන සංවිධාන ඉල්ලීමක් කර සිටි.

එම සංවිධාන මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 21 වන සංශෝධනය සම්මත කිරීමට අවශ්‍ය මහජන බලපෑම සිදු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මැදිහත් වන ලෙසයි.

එම නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

මාධ්‍ය නිවේදනයයි – 2022 ජුනි 09

20 වන සංශෝධනය වහාම අහෝසි කරනු

අපි ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවයත් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසාත් කැපවුනු සිවිල් සමාජ සංවිධාන හා සිවිල් සමාජ ක්‍රියාධරයන් වෙමු.

ශ්‍රී ලංකාව සිය නිදහසින් පසු ඉතිහාසයේ මුහුණ දෙන බරපතළම අර්බුදයට මේ වන විට මුහුණ දෙන අතර ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවටත් පත් වෙමින් එය මානව ඛේදවාචකයක දිශාවකට යොමු වෙමින් පවතින බව ආණ්ඩුවේ ප්‍රකාශ මගින්ද පෙනී යයි.

ලංකාව මේ මොහොතේ මුහුණ දුන් ව්‍යසනයට සම්පූර්ණයෙන් හේතු වූයේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලවත් කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනයයි. ගාලු මුවදොර අරගල භුමියේත් රට පුරාත් තරුණයන් මුල් කරගෙන ඉදිරියට ආ මහජන විරෝධතාවයන්හි ප්‍රධානතම සටන් පාඨය වූයේ මෙම අර්බුදයට වගකිව යුතු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ඉල්ලා අස් විය යුතුයි යන්නයි.උද්ඝෝෂණ තීව්‍ර වී ජනාධිපති පත්කල අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයටම ඉල්ලා අස් වීමට සිදු වූ පසුබිමක පසුගිය මැයි මස 11 ජාතිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කරමින් 19වන සංශෝධනයේ ප්‍රතිපාදන නැවත බලාත්මක කිරීමට 21 වන ව්‍යවස්ථා සංශෝධනය ආන්ඩුව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් නිශ්චිත කාල සීමාවක් තුළ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමසඳහා ද සාකච්ඡා කරන බවත්ය. අර්බුදයට විසදුමක් ලෙස ජනාධිපතිවරයා විසින් පත් කල නව අගමැති රනිල් වික්‍රමසිංහද ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කරමින් 21 වන සංශෝධනය සම්මත කර ගන්නා බවයි.

ජනාධිපතිවරයාගේ එකී ජාතිය ඇමතීමත් නව අගමැතිවරයා පත් වීමත් සිදු වී මාසයකට ආසන්න කාලයක් ගතවුවද මේ වන විටත් 21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීම සිදු වී නොමැතිවා පමණක් නොව එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමද දිනෙන් දින පමා වන බව පෙනෙයි. මෙය සම්පූර්ණයෙන් මේ මොහොතේ වර්ධනය වී ඇති ජනතා මතයට පිටුපෑමක් මෙන්ම කඩිනමින් විසදා ගත යුතු ආර්ථික අර්බුදය විසදීමට අත්‍යවශ්‍ය දේශපාලන ස්ථාවරභාවය උදා කිරීම පැහැර හැරීමක් බව අපගේ නිරීක්ෂනයයි.

පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කරන ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් තහවුරු වන ආකාරයෙන් යෝජිත 21 වන සංශෝධනය සම්මත කිරීම මගින් ඇති වන ප්‍රජාතන්ත්‍රවාදී සංඥාවත් උදා වන දේශපාලන ස්ථාවරභාවයත් ආර්ථික ව්‍යසනය විසදාගැනීමට අවශ්‍ය ජාතික සහ ජාත්‍යන්තර සහය සදහා අත්‍යවශ්‍යය. එවැනි දේශපාලන ප්‍රතිසංස්කරණයකට යොමු නොවුනහොත් ජාත්‍යන්තර වශයෙන් ලබා ගත හැකි ආර්ථික සහයන් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට අහිමි වනු ඇත. එසේ වුවහොත් ශ්‍රී ලංකාව ඉතා සීග්‍රයෙන් මානව ඛේදවාචකයක් වෙත යොමු වීම වැළැක්විය නොහැකි බව අපේ නිරීක්ෂණයයි.

තම රටේ පුරවැසියන් එවන් මානව ඛේදවාචකයකින් ගලවා ගැනීම එහි ජනාධිපතිවරයාගේද අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලයේද ආණ්ඩුවේ හා විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ සියළු මන්ත්‍රීන්ගේද අත්හළ නොහැකි වගකීමකි. එම නිසා අප ජනාධිපතිවරයාටද අගමැතිවරයාටද ඇතුළු සමස්ත පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ටද විපක්ෂ නායකතුමා ඇතුළු සියළු දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රීන්ගෙන්ද බලකර ඉල්ලා සිටින්නේ ඒකාධිපති 20 වන සංශෝධනය අහෝසි කරමින් ද නීතිඥ සංගමය යෝජනා කළ සංශෝධන සහ විපක්ෂය විසින් ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනයේ අදාල කරුණු සැලකිල්ලට ගනිමින් ද යෝජිත 21වන සංශෝධනය වහා සම්මත කිරීමට කටයුතු කරන ලෙසත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය සක්‍රීය මැදිහත් වීම සිදු කරන ලෙසත් ඒ මගින් දෙස් විදෙස් සියළු දෙනාටම පිළිගත හැකි විශ්වසනීය අන්තර්වාර පාලනයක් ඇති කර ගන්නා ලෙසත්ය. අප මෙරට මහජනතාවගෙන්ද ඉල්ලා සිටින්නේ එකී 21 වන සංශෝධනය සම්මත කිරීමට අවශ්‍ය මහජන බලපෑම සිදු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මැදිහත් වන ලෙසයි.

සිවිල් හා බහුජන සංවිධාන

1) අලුත් කතාබහ
2) ශ්‍රී ලංකා රජයේ ආර්යුවේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
3) රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය -කොළඹ
4) ඌව ශක්ති පදනම – බදුල්ල
5) අනුරාධපුර දිස්ත්‍රික් පුරවැසි කමිටුව – අනුරාධපුර
6) ප්‍රජා සංවර්ධන පදනම – රත්නපුර
7) සිය ශක්ති පදනම – හැටන්
8) මව්බිම සිවිල් ජනතා ව්‍යාපාරය – කොළඹ
9) ඒක්සත් වෘත්තීය දේශකවරුන්ගේ සංගමය – කොළඹ
10) යුනෝෆියා සංගමය – කොළඹ
11) සාධාරණ සමාජයක් සදහා රජයේ ආයුර්වේද වෛද්‍යවරු
12) ඒක්සත් දේශීය වෛද්‍ය සංවිධානය
13) ඒක්සත් මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ සංවිධානය
14) ප්‍රජා වේබ් අඩවිය
15) රයිට්ස් නව් සාමුහිකය
16) ජාතික විශ්‍රාමික ග්‍රාම නිලධාරීන්ගේ සංගමය
17) අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ
18) සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
19) සහභාගීත්ව සංවර්ධන පදනම – ආණමඩුව
20) නීතියේ ආධිපත්‍ය සදහා පදනම – කොළඹ
21) අයිතිය වෙබ් අඩවිය

 

සිවිල් සමාජ ක්‍රියාධරයන්
1) මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර – කොළඹ
2) මහාචාර්ය එච්.ඩබ්. සිරිල් – පේරාදෙනිය
3) මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන – කැළනිය
4) අචාර්ය නිමල්කා ප්‍රනාන්දු – කොළඹ
5) ආචාර්ය ඉන්දි අකුරුගොඩ – රුහුණු වි.වි
6) ආචාර්ය අතුලසිරි සමරකෝන් – විවෘත වි.වි
7) වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරන – කොළඹ
8) වෛද්‍ය පියල් පෙරේරා
9) වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි
10) වෛද්‍ය ශානිකා හසංගි සෝමදාස – කොළඹ
11) කීර්ති ගොඩිගමුව (විදුලි ඉංජිනේරු) – කොළඹ
12) ගාමිණී රාමවික්‍රම (සිවිල් ඉංජිනේරු) – කොළඹ
13) නීතිඥ ජානක ඒදිරිසිංහ – කොළඹ
14) නීතිඥ සුදර්ශණ ගුණවර්ධන – කොළඹ
15) නීතිඥ දුලාන් දසනායක – කළුතර
16) නීතිඥ උදේනි ප්‍රියංවදා -කොළඹ
17) නීතිඥ උපේන්ද්‍රා ගුණසේකර – වෙන්නප්පුව
18) නීතිඥ ෂෙහාන් වික්‍රමරත්න (වරලත් ගණකාධිකාරී)
19) නීතිවේදී මිශෙල් ටානියා ජෝර්ජ් – මහනුවර
20) නීතිවේදී පංකජ නාදුගල – කොළඹ
21) නීතිවේදී මාර්ක් ඉමන්තක ප්‍රනාන්දු – ගම්පහ
22) නීතිවේදී මිස්සක මුණසිංහ – මාතලේ
23) නීතිවේදී දමිත් හසංක පණ්ඩිත – ගාල්ල
24) නීතිවේදී විමුක්ති රත්නායක- මහනුවර
25) සී.ජේ අමරතුංග (මාධ්‍යවේදී) – කොළඹ
26) අජිත් පැරකුම් ජයසිංහ (මාධ්‍යවේදී) – කළුතර
27) පිලිප් දිසානායක (සිවිල් සමාජ ක්‍රියාකාරික) – කොළඹ
28) හර්ෂ ගුණසේන (වරලත් ගණකාධිකාරී) – කොළඹ
29) ලක්ෂ්මන් අබේසේකර (වරලත් ගණකාධිකාරී) – කොළඹ
30) සම්පත් සමරකෝන් (මාධ්‍යවේදී) – කොළඹ
31) වසන්ති සේනාරත්න (සිවිල් සමාජ ක්‍රියාකාරීනී) – කොළඹ
32) සුදේශ් ද සිල්වා (මාධ්‍යවේදී) – මහනුවර
33) අමිතා ප්‍රියන්ති (සිවිල් සමාජ ක්‍රියාකාරීනී) – කළුතර
34) සරත් අබේසිංහ (හිටපු සභාපති බීසීසී ලංකා) – කොළඹ
35) සුරේෂ් නඩේසන් (සිවිල් සමාජ ක්‍රියාකාරික) – බදුල්ල
36) ඥාණවීර දිසානායක (සිවිල් සමාජ ක්‍රියාකාරික) – කුරුණෑගල
37) චාල්ස් රවී (විදුහල්පති සේවය) – රත්නපුර
38) නිමල් දිසානායක (සිවිල් සමාජ ක්‍රියාකාරික) – අනුරාධපුර
39) නිල්මිණි රත්නසේකර (සිවිල් සමාජ ක්‍රියාකාරිනී) – මාතර
40) තරංග එල් පටබැදි (සිවිල් සමාජ ක්‍රියාකාරික) – හම්බන්තොට
41) ඒ. සෙල්වරාජ් (සිවිල් සමාජ ක්‍රියාකාරික) – නුවරඑලිය
42) මහේෂි ලොකුමාන (වෘත්තීය සමිති)
43) මුදිතා කේෂානි ප්‍රේමතිලක (වෘත්තීය සමිති)
44) මන්වීර් ගල්හේන (තරුණ ක්‍රියාකාරී)
45) ප්‍රසංග ප්‍රනාන්දු (සිවිල් සමාජ ක්‍රියාකාරික)
46) ලක්මාලී (සාහිත්‍යවේදීනී)
47) නිමල් අබේසිංහ (සිවිල් සමාජ ක්‍රියාකාරික) – ආණමඩුව
48) ඉන්ද්‍රපාල එස්. වික්‍රමසිංහ (ගුරු සේවය)
49) ඉනෝමා කරුණාතිලක (මනෝ උපදේශිකා)
50) පී.ඩී කුමාර (වතු වෘත්තී සමිති) – දෙනියාය
51) ප්‍රදීප් උඩුවන (වෘත්තීය දේශක)

 

 

 

 

 

Post Views: 26
Previous Post

විදුලි බල සංශෝධන පනත සම්මතයි

Next Post

INSEE සමාගම කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරයි

editor

editor

Next Post

INSEE සමාගම කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved