• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

CL Synergy සමාගම SLAMERP හි ප්‍රසාදය ලත් සැපයුම් සහකරු ලෙස නැවත වරක් පත්වේ

1 February 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය (SLAMERP) සිය ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස CL Synergy සමාගම පත් කරගෙන ඇත.

මින් පෙර 2019 – 2020 වසර සඳහා ද CL Synergy සමාගම SLAMERP හි ප්‍රසාදය දිනාගත් සැපයුම් කරුවා ලෙස කටයුතු කර ඇති අතර, එහි දී CL Synergy සමාගම ලබාදුන් අති විශිෂ්ට සේවය පිළිබඳව තෘප්තිමත්භාවය පදනම් කරගනිමින් මෙම පත් කිරීම සිදු කිරීමට SLAMERP කටයුතු ඇත.

2004 දී ස්ථාපිත කෙරුණු CL Synergy සමාගම වර්තමානය වන විට මෙරට සැපයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් ක්ෂේත්‍රය තුළ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් සිය පාරිභෝගිකයින්ට සහ පාර්ශ්වකරුවන්ට ශක්තියක් වීම CL Synergy සමාගමේ අරමුණයි. පසුගිය වසර කිහිපය තුළ SLAMERP හි ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස සිය සේවා කාලය අතිසාර්ථකව අවසන් කර ඇති CL Synergy සමාගම, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය වෙත කාර්යක්ෂම, විශ්වසනීය සහ පූර්ණ සැපයුම් සේවාවන් හඳුන්වාදීම වෙනුවෙන් මේ වසරේ දී ද පෙරමුණ ගැනීමට සූදානමෙන් සිටී.

CL Synergy සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් සිල්වා මහතා මෙම සහයෝගීතාව පිළිබඳව සිය අදහස් බෙදා ගත්තේ මේ අයුරිණි. “ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමයේ ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස නැවත වරක් පත් වීමට ලැබීම අප සමාගමට විශාල ගෞරවයක්. CL Synergy සමාගම ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය ස්ථාවරව සංවර්ධනය කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන සමාගමක් විදියට හඳුන්වා දීමට පුළුවන්. SLAMERP සමාගම සමග පවත්නා අපගේ අන්‍යෝන්‍ය සබඳතාව, සාම්ප්‍රදායික භාණ්ඩ ප්‍රවාහන සේවාවන්ගෙන් ඔබ්බට යමින් එම ක්ෂේත්‍රය වෙත නවතම සේවාවන් හඳුන්වා දෙන ප්‍රමුඛතම සමාගමක් බවට පත් වීමට අපට ඉතා ප්‍රයෝජනවත් වුණා. 2022 වසරේදීත් SLAMERP හි ප්‍රසාදය දිනාගත සැපයුම්කරුවා විදියට පත්වීමට ලැබීම අපගේ ස්ථාවරත්වය වගේ ම කැපවීමත් කිහිප ගුණයකින් වර්ධනය කිරීමට සමත් වුනා.”

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් SLAMERP හි සභාපති රවී දද්ලානි මහතා මෙසේ ප්‍රකාශ කළේය. “2019 වසරේ සිට 2020 වසර දක්වා CL Synergy සමාගම සැපයූ සේවාව පිළිබඳව අප සිහිපත් කරන්නේ ඉතාමත් සතුටින්. ඒ වගේ ම එම සමාගම 2022 වසරේ දීත් අපගේ ප්‍රසාදය දිනාගත් සැපයුම් කරු විදියට සුවිශේෂී සේවාවක් ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනවලින් එකක් වන රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, 2021 වසරේ දී මේ රටේ සමස්ත අපනයනයන්ගෙන් 9% ක් විදියට වාර්තා වෙනවා. ඉහළ ගුණාත්මක බවකින් යුක්ත සේවාවක් ලබා දෙන විශ්වසනීය සංවිධානයක් විදියට SLAMERP සංවිධානයට CL Synergy වැනි සමාගමක් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම භාග්‍යයක්. ඒ වගේ ම ඉදිරි වසරේ දී CL Synergy සමාගම සමඟ ඉතා සමීපව වැඩ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

CL Synergy සහ SLAMERP යන ආයතන අතර සහයෝගීතාවය සමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟාසිටුවීමේ ක්‍රියාන්විතය ආරම්භ කරමින්, 2025 වසර වන විට රබර් කර්මාන්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 2 දක්වා වර්ධනය කිරීමේ අරමුණ සාර්ථක කරගැනීම සඳහා ක්‍රියාත්මක වේ. SLAMERP සහ අඛණ්ඩව වසර දෙකක් පුරා එම සංවිධානයේ විශ්වාසය දිනාගෙන සිටින CL Synergy සමාගම, සිය ආයතනික ශක්තීන් උපයෝගී කර ගනිමින් දේශීය රබර් කර්මාන්තය නඟා සිටුවීම සඳහා කැපවන බව අවධාරණය කළ හැකිය.

Post Views: 3
Previous Post

විපක්ෂයේ බිහි වී ඇති කඳවුරුවලට පොර කනවා – රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

Next Post

DFCC බැංකුව MAS Intimates Unichela පරිශ්‍රයේ නව ATM යන්ත්‍රයක් විවෘත කරයි

editor

editor

Next Post

DFCC බැංකුව MAS Intimates Unichela පරිශ්‍රයේ නව ATM යන්ත්‍රයක් විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved