27 April 2024
#දේශීය

විපක්ෂයේ බිහි වී ඇති කඳවුරුවලට පොර කනවා – රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

අද වන විට විපක්ෂයේ කඳවුරු කිහිපයක් නිර්මාණය වී ඇති බවත් එම කඳවුරු තමන්ගේ කරගන්න එහි නායකයින් පොරකන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රිකයේ තිරප්පනය, ගලෙන්බිදුණුවැව හා යකල්ල ගොවිජන සේවා මධ්‍යස්ථාන මූලික කරගනිමින් කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන කෘෂිකර්ම නවීකරණ හා කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්වතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා එම ප්‍රදේශවල ගොවි බිම් නිරීක්ෂණ චාරිකාවක ඊයේ(31) දින නිරත වෙමිනි.

පොහොර ප්‍රශ්නය තම දේශපාලන වාසියකට පෙරලා ගනිමින් ගොවි ජනතාවද නොමග යැවීමට මෙම නායකයින් පෙළ ගැසමින් සිටින බව දක්නට ඇති බව ද රාජ්‍ය ඇමැති වරයා සදහන් කළේය.

එහිදී අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍යවරයා ” ගොවින් විසින් පසුගිය දා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා මුණගැසී සාකච්ඡාවක් සිදු කරලා තියෙනවා. ඒ අනුව මිරිස් වගාව සදහා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ පවුල් 120ක් ද, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්වතා වැඩසටහන යටතේ පවුල් 150ක් ද තෝරාගනිමින් තමයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි ගොවීන් එක්ක සුහද සාකච්ඡාවක යෙදුනා. ගොවීන් ගොවීන්ගේ ප්‍රශන කිව්වා. අපි එයට විසදුම් හොයන ආකාරය ගොවීන්ට පැහැදිලි කළා. අද වන විට මේ ගොවීන් පවා නොමග යවන ආකාරයට වත්මන් විපක්ෂය කටයුතු කරමින් සිටිනවා. රාජ්‍ය ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීමේදී එහි අරමුණ ගොවීන් හට තේරුම් ගැනීමට ඉඩ සලස්වන්නේ නැතිව ගොවීන් වෙනත් හැරවුම් ලක්ෂ වෙත යොමු කරන්න මේ පිරිස් කටයුතු කරමින් සිටිනවා. ගොවීන් ලෙස තැන තැන ඒ අයගේ පිරිස්ම උද්ඝෝෂණ ක්‍රියාත්මක කරනවා කියලා අද අපිට ගොවීන්ම කියනවා. මේ රටේ විවිධ තීන්දු තීරණ ගැනීමේදී විවිධ අඩු පහඩු සිදු වෙන්න පුලුවන්. එයට විසදුම් හොයන්න ඕනේ. එහෙම නොකර රටේ කොදු නාරටිය වුණ අපේ ගොවි ජනතාව කඳවුරු වලට ඇතුලත් කරගන්න එක මේ රටට කරන ද්‍රෝහී ක්‍රියාවලියක්. අද විපක්ෂයේ පිරිස් ඒ කණ්ඩායම් ඇතුලෙම කඳවුරු බැදගෙන. ඒ කඳවුරු තමන්ගේ කියන්නත්, තමනගේ කරගන්නත් බොහෝ පිරිස් උත්සහා කරනවා. සමහර අය නව තනතුරු වලට ඇදුනුත් මහගෙන කියලා කියනවා අපිත් අහගෙන. අපි රජයක් වශයෙන් වග කීමෙන් කියනවා ගොවි ජනතාවගේ ගැටළු වලදී අපි තරමි ඇහුම්කම් දුන්න රජයක් මේ රටේ තවත් නෑ කියලා. අද වන විටි ගොවීයාට කිසිදාත් නොලැබුණ වී මිලක් ලැබිලා තියෙනවා. ඒවා කතා කරන්නේ නෑ විපක්ෂය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුලු වත්මන් රජය සමහර පියවරවල් පසු පසටත් තවත් සමහර පියවරවල් ඉදිරියටත් තියලා තියෙන්නේ මේ රටේ අනාගත දරු පරපුර ආරක්ෂ කර ගන්න වගේම අපේ රටේ ගොවී ජනතාව නිරෝගිමත් ජන කොට්ඨාසයක් කරන්න ඕන කියන අපේක්ෂාවෙන්. ඔන්න ඔය මොහොතේ බොර දියෙන් මාලු බාන්න විපක්ෂය කටයුතු කරමින් ඉන්නවා. නායකත්වය රැක ගන්න ඒ අයම පොර කනවා. ජනතා සේවය නොවේ මේ අයගේ මූලික අරමුණ ආර්ථික වශයෙන් මේ රට වට්ටලා මේ රටේ ගොවි ජනතාවගේ නිෂ්පාදන අඩු කරලා ජනතාවට ජීවන බර දරා ගැනීමට නොහැකි තත්ත්වයට මේ රටේ ආර්ථිකය කඩා වැටීම සිදු කරලා බලය ලබා ගන්නයි මේ අය සැලසුම් කරන්නේ යැයි ප්‍රකාශ කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *