පසුගියදා පෝලන්තයේ පැවති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 1500 රන් පදක්කම දිනාගත් බ්‍රිතාන්‍යයේ ජෝර්ජියා හන්ටර් බෙල් (Georgia Hunter Bell), අද (28) මෙල්බර්න්හි පැවති මොරී ප්ලාන්ට් (Maurie Plant) මලල ක්‍රීඩා තරගාවලියේදී පරාජයට පත් විය. 32 හැවිරිදි හන්ටර් බෙල් මෙලෙස පරාජය වූයේ 20 හැවිරිදි ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා ක්ලෝඩියා හොලින්ග්වර්ත් (Claudia Hollingsworth) හමුවේය.
වර්ෂාව මධ්‍යයේ පැවති මෙම තරගයේදී හොලින්ග්වර්ත් මිනිත්තු 4:01.30ක කාලයකින් තරගය නිමා කරමින් නව තරග වාර්තාවක් ද පිහිටුවූ අතර, හන්ටර් බෙල්ට හිමිවූයේ දෙවන ස්ථානයයි. ලෝක ශූරතාව දිනා දින කිහිපයකින් සහ පැය 34ක දීර්ඝ ගුවන් ගමනකින් පසු ඇය මෙම තරගයට සහභාගී වී තිබුණි.














