රට තුළ පවතින වත්මන් අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීමේ ගාස්තු අය කිරීම අද (18) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා මේ බව තහවුරු කළේය.
බලශක්ති අර්බුදය හේතුවෙන් අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, පොදු ප්‍රවාහන සේවා ද සීමා වී පවතින පසුබිමක ජනතාවට සහනයක් සැලසීම මෙහි අරමුණයි
කොළඹ නගර සභාවට අයත් සියලුම රථ ගාල් සඳහා මෙම ගාස්තු නිදහස අදාළ වන අතර, නැවත දැනුම් දෙන තුරු කිසිදු ගාස්තුවක් අය නොකිරීමට උපදෙස් දී ඇත
නිවාඩු දිනයක් වුවද සේවා සඳහා වාර්තා කරන පෞද්ගලික අංශයේ සේවකයින්ට සහ අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා නගරයට පැමිණෙන ජනතාවට මෙමඟින් විශාල පහසුවක් සැලසෙනු ඇත
නගර සභා සේවකයින් හෝ වෙනත් පාර්ශ්වයන් මෙම තීරණය උල්ලංඝනය කරමින් ගාස්තු අය කරන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ද නගර සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.















