• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව 2022 මූල්‍ය වර්ෂයේ දෙවැනි අර්ධයේ ප්‍රගති වාර්තාව නිකුත් කරයි

23 March 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2023 මාර්තු: කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, 2022 ජූලි මාසයේ සිට 2022 දෙසැම්බර් මාසය දක්වා කාලසීමාවට අදාළ අර්ධ වාර්ෂික ප්‍රගති වාර්තාව ප්‍රකාශයට පත්කර ඇත.

මෙම කොමිෂන් සභාව, කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ට, ව්‍යාපාරවලට සහ පදිංචිකරුවන්ට අවශ්‍ය සියලුම සහයෝගයන් එකම ස්ථානයකින් ලබාදීම සඳහා බලය පවරා ඇති ආයතනයයි.

කොළඹ වරාය නගරය යනු දකුණු ආසියාවේ ක්‍රමෝපායික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක පිහිටි විශේෂ ආර්ථික කලාපයකි. ඉහළම තලයේ පොදු පහසුකම් හා යටිතල පහසුකම් මෙන්ම වාණිජ, සෞඛ්‍ය, අධ්‍යාපන, විනෝදාස්වාද සහ ජීවන රටා පහසුකම් රැසකින් එය සමන්විත වේ. කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (DIFC සහ DMCC), ලබුවාන්, සිංගප්පූරුව සහ මොරිෂස් වැනි රටවල ක්‍රියාත්මක කරන ලද මීට සමාන ව්‍යාපෘති සහ එම ව්‍යාපෘතිවල මූල්‍ය, මෙහෙයුම් හා නියාමන විධිවිධාන ආදර්ශයට ගන්නා ලදි. මෙහිදී කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයේ ප්‍රධාන ක්ෂේත්‍රයන්ට අදාළ නියාමන රාමු සැලසුම් කිරීම සඳහා Boston Consulting Group, PwC, KPMG, EY, Pinsent Masons, Zico Law, JLL, වැනි ජාත්‍යන්තරව පිළිගත් උපදේශන සමාගම් සමග එක්ව දීර්ඝ අධ්‍යයනයක් සිදුකරන ලද අතර, මූල්‍ය සහ මූල්‍ය නොවන පරාමිතීන් සම්බන්ධ වෙළඳපොළ ප්‍රතිචාරද සැලකිල්ලට ගන්නා ලදි.

සමස්ත ව්‍යාපෘතියේ නවතම තත්ත්වය

කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපය තුළ බලයලත් තැනැත්තන් ලියාපදිංචි කිරීම, බලපත්‍රකරණය, බලය පැවරීම සහ සෙසු අවසරයන් ලබාදීම සම්බන්ධ රෙගුලාසි, 2022 සැප්තැම්බර් මාසයේදී අංක 2299/46 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරන ලදි. කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපය තුළ බලයලත් තැනැත්තන් ලියාපදිංචි කිරීම හා බලපත්‍රකරණයට අදාළ ගාස්තු, 2022 සැප්තැම්බර් මාසයේ අංක 2299/47 දරන ගැසට් පත්‍රයෙහි පළකරන ලද අතර. අක්වෙරළ සමාගම් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි 2022 නොවැම්බර් මාසයේ අංක 2306/54 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කෙරුණි.
බලයලත් පුද්ගලයන් වෙත ලබාදෙන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්, කොමිසම විසින් සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් සහ ආගමන විගමන පාලක ජෙනරාල් සමග ගිවිසුම් අත්සන් කරන ලදි.
කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයේ ඉඩම් කොටස් 74 ක් අතරින් කොටස් 64 ක් සම්බන්ධ කටයුතු සම්පූර්ණ වී ඇති බව තහවුරු කරන තාක්ෂණික සහතික මේ වනවිට කොමිසම වෙත ලැබී ඇත.

විවිධ අංශ අත්පත් කරගෙන ඇති ප්‍රගතිය

බැංකු කටයුතු – 2022 වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ මුදල් අමාත්‍යාංශය විසින් කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත යටතේ බැංකු 4 ක් සඳහා බලපත්‍ර නිකුත් කරන ලදි. මීට අමතර 2022 වර්ෂය තුළදී තවත් බැංකු 3 ක් බලපත්‍ර සඳහා කොමිසම වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. තවද 2021 කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ 44 සහ 45 වගන්ති අනුව මූල්‍ය සහ බැංකුකරණ රෙගුලාසි 10 ක් කෙටුම්පත් කරන ලද අතර, ඒවා සමාලෝචනය කර අනුමැතිය ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත යොමුකර තිබේ.

ආරක්ෂාව – කොළඹ වරාය නගරය වෙත පැමිණෙන්නන්ගේ ආරක්ෂාව සඳහා මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය මගින් පොලිස් මුරපොළක් පිහිටුවා ඇති අතර, ජල මාර්ග ඔස්සේ පරිශ්‍රයට පිවිසීම පාලනය කිරීම සහ ජීවිතාරක්ෂක සේවාවන් ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා ඇත. මීට අමතරව පොදු ස්ථානවල ආරක්ෂක කැමරා (CCTV) සවිකර තිබේ.

සමාජයීය යටිතල පහසුකම් – කොළඹ වරාය නගරය පරිශ්‍රයේ ජාත්‍යන්තර පිළිගැනීම සහිත රෝහලක් සහ ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීමට අමතරව, ජාත්‍යන්තරතලයේ විශ්ව විද්‍යාලයක්ද ස්ථාපිත කළ යුතු බව කොමිසම තීරණය කර ඇති අතර, ඊට අනුකූලව ව්‍යාපෘතියේ ප්‍රධාන සැලසුම සංශෝධනය කර ඇත.

වාණිජ යටිතල පහසුකම් – සුපිරි වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් වී ඇති අතර, එහි අභ්‍යන්තර සැලසුම් කටයුතු ආරම්භ වී තිබේ. මෙය 2023 වසරේ දෙවැනි කාර්තුවේදී විවෘත කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඉහළම තලයේ භාණ්ඩ මෙන්ම පුළුල් පරාසයක පැතිරුණු ආහාරපාන හා විනෝදාස්වාද සේවාවන්ද මෙමගින් ලබාගත හැකි වනු ඇත.

ආගමන විගමන කටයුතු සහ වීසා විධිවිධාන – කොමිසම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව එක් වී කොළඹ වරාය නගරය සඳහා වීසා කාණ්ඩ 3 ක් හඳුන්වා දී ඇත. එම කාණ්ඩ වන්නේ, ආයෝජක වීසා (වසර 10 ක්), රැකියා වීසා (වසර 5 ක් – රැකියා ගිවිසුම අනුව වෙනස් වේ) සහ නේවාසික වීසා (කුලී ගිවිසුම අනුව) යන කාණ්ඩ තුනයි. කොළඹ වරාය නගර වීසා ක්‍රමය මගින් බිරිඳ/සැමියා, දරුවන් සහ සහය කාර්ය මණ්ඩලය සඳහා වීසා හිමි වීම වැනි අමතර ප්‍රතිලාභද හිමි වන අතර, ප්‍රධාන වීසා අයදුම්කරු යටතේ එම ප්‍රතිලාභ ලබාගත හැක. විදේශ ආයෝජකයන්ට පමණක් විවෘත මෙම වීසා සඳහා ගාස්තුව, එක් අයදුම්කරුවෙකු සඳහා වසරකට ඇමරිකානු ඩොලර් 200 ක් වන අතර, අවශ්‍ය පරිදි එම වීසා අලුත් කරගත හැකි වේ.

ප්‍රධාන සැලසුම ක්‍රියාවට නැංවීම – කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයේ ඉඩම් කොටස් සඳහා, සංවර්ධන පාලන රෙගුලාසි යටතේ ඉදිරිපත් කරනු ලබන ඉදිකිරීම් සැලසුම්වලට අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින්, ප්‍රධාන හවුල්කරුවන්ගෙන් සමන්විත සැලසුම්කරණ කමිටුවක් ස්ථාපිත කරන ලදි. මෙම සංවර්ධන පාලන රෙගුලාසි, ගොඩනැගිලි ඉදිකිරීම, ඉඩම් භාවිතය, උද්‍යාන, උපයෝගීතා සේවාවන් සහ තිරසාර විධිවිධාන ආදිය සඳහා පැහැදිලි රාමුවක් සපයයි.

‘Marina Development and Villa’ ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් දෙදෙනෙකු මූලික සැලසුම් ඉදිරිපත් කර ඇති අතර, තවත් බිම් කොටස් කිහිපයක් කල්බදු විකුණුම් පදනම මත ලබාදීම සඳහා සම්බන්ධ සාකච්ඡා මේ වනවිට අවසන් අදියරේ පවතී.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව
901, 9 වැනි මහල, වන් ගෝල් ෆේස් ටවර්, 1 A සෙන්ට පාර, කොළඹ 02
දුරකථන: (+94) 11 7560 006 වෙබ්: www.portcitycolombo.gov.lk ඊමේල්: [email protected]

පිටපත -PR

 

 

 

Post Views: 2
Previous Post

“Crafting Ceylon” වැඩසටහන ජනපති‍ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ

Next Post

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා – ජනපති

editor

editor

Next Post

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved